(ගයාන් සූරියආරච්චි)
දිවයින පුරා විස මත්ද්‍රව්‍ය බෙදා හදනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් සොයා ක්‍රියාත්මක කෙරෙන 'යුක්තිය' විශේෂ මෙහෙයුම් ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහල් තල්දුව මහතා අද (15) පැවසීය.
දිවයින පුරා විසි වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම ද මෙම වැඩසටහනේ අරමුණ බව තල්දුව මහතා පැවසීය.
සෑම පොලිස් කොට්ඨාසයකම කොට්ඨාශ භාර නිලධාරියෙකුටම විශේෂ දුරකථන අංකයක් ලබාදී ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ බෙදා හරින්නන් පිළිබඳ තොරතුරු එම දුරකථන අංකයට ලබාදීමට හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එම දුරකථන මගින් තොරතුරු ලබාදෙන්නාගේ අනන්‍යතාවය තහවුරු නොවන අතර රහස්‍යභාවය උපරිම අයුරින් සුරකින බවත් ජනතාවගේ සහාය පොලිසියට අවශ්‍ය බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඒ අනුව කොළඹ උතුර 0718598801, කොළඹ දකුණ 0718598803, කොළඹ මධ්‍යම 0718598804, නුගේගොඩ 0718598805, ගල්කිස්ස 0718598806, ගම්පහ 0718598807, මීගමුව 0718598808, කැලණිය 0718598809, පානදුර 0718598810, කළුතර 0718598811, මාතර 0718598812. තංගල්ල 0718598813 ගාල්ල 0718598814,ඇල්පිටිය 0718598815. මහනුවර 0718598816. මාතලේ 0718598817, තෙල්දෙණිය 0718598818, ගම්පොළ 0718598819. නුවරඑළිය 0718598820. හැටන් 0718598821, කුරුණෑගල 0718598822, කුලියාපිටිය 0718598823, නිකවැරටිය 0718598824, පුත්තලම 0718598825. හලාවත 0718598826. අනුරාධපුර 0718598827. පොලොන්නරුව 0718598828, කැබිතිගොල්ලැ 0718598829, රත්නපුර 0718598830, ඇඹිිලිපිටිය 0718598831, කෑගල්ල 0718598832, සීතාවකපුර 0718598833, යාපනය 0718598834. කන්කසන්තුරේ 0718598835. වව්නියා 0718598836, මන්නාරම 0718598837. කිලිනොච්චි 0718598838, මුලතිව් 0718598839, මඩකලපුව 0718598840. අම්පාර 0718598841, ත්‍රිකුණාමලය 0718598842. කන්තලේ 0718598843. බදුල්ල 0718598844. බණ්ඩරවෙල 0718598845, මොනරාගල 0718598846
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’යුක්තිය’ මෙහෙයුම් ඉදිරි සතිය තුළ
දුමින්ද හිඳුරංගල - ඉතාලිය Friday, 15 December 2023 08:15 PM
ශ්‍රී ලංකාව කියන්නේ හරිම සෝක් රටක් හිටං, ඔපරේෂන් එකට කලින්ම.. පණිවිඩේ යවනවා අල්ලන්න එනවයි කියලා... :)...!
chandima Saturday, 16 December 2023 01:40 AM
අනේ ඔන්න ඔහේ බීලා මැරෙන්න අරින්න.. ඒක අඩු වියදම් පිළියමක්...
Prabha Saturday, 16 December 2023 04:37 AM
ඔක සතියකින් කොරන්න පුළුවන් කියල හිතනවද ?
Kazi Shajahan Saturday, 16 December 2023 10:00 AM
දේශ බන්දු ඔක්කොම දන්නවා ,නමුත් අපේ රටට කුඩු ගෙන්වන මහ මොළ කාරයෝ දන්නේ නැහැ .ඒක අපෙන් අහනවා .නිකන් ෂෝ විතරයි .පුලුවන්නම් අපිට ඇරෙස් කරලා පෙන්වන්න ලොකු මෝරෙක්