(ඉන්දිකා රාමනායක)
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන "යුක්තිය මෙහෙයුම" ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත උපදේශන මාලාවක් නිකුත් කර ඇත.
මෙම මෙහෙයුම සිදු කරන ආකාරය සම්බන්ධයෙන් , මාධ්‍යවල, සමාජ මාධ්‍ය ජාලාවල, හා ජාතික පොලිස් කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව අධීක්ෂණයක් සිදුකර මෙම උපදේශන මාලාව නිකුත් කළ බව ජාතික පොලිස් කොමිසම් සභාව පවසයි.
මෙම මෙහෙයුම රටේ පවතින නීති රාමුව තුළ සහ නීතියෙන් නියම කරන ලද ආකාරයට කටයුතු කළ යුතු බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂාවන මූලික අයිතිවාසිකම් උල්ලංඝනයේ නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසට සියලු නිලධාරින් වග බලාගත් වගබලා ගත යුතු බවත්, ජාතික පොලිස් කොමිෂන් සභාව දැනුම් දැනුම් දුන් බව එම කොමිසම් ආරංචි මාර්ග පවසයි.
එසේ නොමැතිව නීතියට පටහැනිව මෙම මෙහෙයුම් කටයුතු කරන ලද බවට සනාථවන අවස්ථාවන් වලදි එම නිලධාරීන්ට එරෙහිව දැඩි වීනය පියවර ගන්නා බවටද ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත යොමු කළ දේශන මාලාවේ සඳහන් වේ.
ඒ සම්බන්ධයෙන් සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කළ යුතු බවත්, මේ සම්බන්ධයෙන් ගත් පියවර සම්බන්ධයෙන්ද ජාතික පොලිස් කොමිෂන් සභාව දැනුවත් කළ යුතු බවටද කොමිසම පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් දැනුම් දී ඇත.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘යුක්තිය‘‘ ඉදිරියට යන හැටි පොලිස් කොමිසමෙන් උපදෙස්
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 13 January 2024 08:45 AM
පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ ගැන සතුටුයි. ඒ වගේම ගත් පියවර ගැන ස්තූතියි. මත්ද්‍රව්‍ය උවදුර මේ රටෙන් තුරන් කිරීමට කටයුතු කිරීම කළ යුතුමයි. ඒත් පොලිසිය ඉවක් බවක් නොමැතිව නීතිය පසෙක තබා දඩබ්බරයින් සේ කටයුතු කිරීම සුදුසු නොවේ. ඇතැම් බොරු ඔත්තු මගින් නිදොස් ජනයාට හිරිහැර කිරීම සුදුසු නොවේ. පොලිසිය දඩමීමා කරගෙන තම තරහ සහ ඊර්ෂ්‍යාව පිරිමසා ගැනීම සඳහා බොරු ඔත්තු දෙන්නන් හට එරෙහිව කිසියම් පියවරක් ගත යුතුයි.
mangala Saturday, 13 January 2024 10:44 AM
යුක්තියට බාධා කිරීම සුදුසු වන්නේද?