IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යකඩ සොරා ගත් දුම්රිය ලොක්කො 4කගේ වැඩ තහනම්

(යොහාන් භාසුර)

මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ ව්‍යාපෘතිය සඳහා ආනයනය කළ රුපියල් ලක්ෂ ගණනක යකඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිවු දෙනකුගේ සේවය අත්හිටුවීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පියවර ගෙන තිබේ. 

අදාල නිලධාරීන් සිව්දෙනා එම ව්‍යාපෘතියේ ඉහළ තනතුරු දරන  පුද්ගලයන් බවත් අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවත් ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවැසීය.

මෙම පුද්ගලයන් සොරකම් කර ඇතැයි කියන යකඩවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (5)

යකඩ සොරා ගත් දුම්රිය ලොක්කො 4කගේ වැඩ තහනම්

Sunil Friday, 10 February 2023 06:30 PM

යකඩ යක්කු...!

:       0       1

puuttuwaa Friday, 10 February 2023 08:30 PM

දැන් වේදිකාවට පැමිණි දුම්රිය පංචිකාවත්ත බලා පිටත්වනු ඇත.. ආපසු නොඑන බවත් කරුණාවෙන් සලකන්න.

:       0       1

Uk silva Friday, 10 February 2023 10:04 PM

ටික දවසකට වෙන්න ඇති...

:       0       1

dharmawansha Saturday, 11 February 2023 03:27 AM

හතර දෙනාගේ නමුත් දැම්මා නම් නේද හොඳ...?

:       0       7

SL Saturday, 11 February 2023 08:19 AM

මේවා‍ට කෑ ගහන්න එක සංගම් කාරයෙක් නැහැ. මේ වෙලාවට නැට්ට ගහගෙන ඉන්නේ.... හොරා කාලා, හොරා කාලා තම සේවය කරන ආයතනය විනාශ කරලා, පඩි වැඩි කරන්න. බදු වැඩි කරන්න කියලා වර්ජනය කරන්න නම් කාලකන්නි ටිකක් ඉන්නවා...

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site