IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මේ වසරේදී කොරියා රැකියා 8000ක්

 

(අංජුල මහික වීරරත්න)

කොරියා රැකියා සඳහා වසරකට  6500ක රැකියා කෝටාවක්  ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8000ක්  බඳවා ගන්නා බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුව ද ඊට  එකඟතාවය දක්වා ඇත.

කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂකවරයා සහ අමාත්‍යවරයා අතර  පැවැති   සාකච්ඡාවේදී මේ එකඟතාවය පලකර තිබේ.

කොරියානු භාෂා ප්‍රවීණතාවය සමත්ව දැනට වෙබ් අඩවිවියේ රැකියා අපේක්ෂාවෙන් සිටින, මේ වසරේ දෙසැම්බර් 31 දිනෙන් වෙබ් අඩවියේ කල් ඉකුත්වීමට නියමිත නිෂ්පාදන අංශයේ රැකියා අපේක්ෂිතයින් අතරින් 600 දෙනෙක් නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු කිරීමට ද මෙහිදී එකඟතාවය පලකර තිබේ. 

ඒ අනුව වෙබ් අඩවියේ කර්මාන්ත අංශයේ සිට නැව් ඉදිකිරීම් අංශය දක්වා රැකියා අංශය මාරු කිරීමෙන් මෙම රැකියා සදහා යොමු කිරීමට නියමිතය. එසේ නැව් ඉදිකරීම්  ක්ෂේත්‍රයේ රැකියා සදහා මාරුවීමට කැමති රැකියා අපේක්ෂකයින් ඉක්මනින් ඒ සදහා අයදුම් කළ යුතුවේ.



අදහස් (3)

මේ වසරේදී කොරියා රැකියා 8000ක්

දාස Thursday, 27 April 2023 12:19 PM

මේකගෙ අතට තැරැව් කාරයො හරහා හොද ගානක් එයි, මුන් පගා රජවරු

:       0       6

බ්‍රේස්ලට් Thursday, 27 April 2023 01:56 PM

මේවාට වැඩියෙන් යන්නෙ තරුණ පිරිසක් කියලා හිතෙනවා මුලින් අවුරුදු පහක් අවසන් වෙලා ඇවිත් ආපසු පහකට යනවා .මේක ජාතික හැගීමක් තියෙන දරුවො සිටින මට නම් ජාතියේ පැවැත්ම ගැන ඉතාමත් දුකක් තියෙනවා .නමුත් දරුවො නැති අයට මුදල් ලොකු වෙන්න පුළුවන් රබන් ගහල කැවුම් කිරිබත් කාල සංදර්ශනයක් කලොත් නරකද ඇමතිතුමා

:       0       1

prasanna Thursday, 27 April 2023 02:44 PM

ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා මිස හැම දේකම ඇද කුද හොයන්න එපා.ඕක ජරා පුරුද්දක් ,සමාජයෙන්ම ඔය වගේ අය කොන්වෙනවා ,අද ජේ.වී.පී එකට වෙලා තියෙන්නෙත් ඕකම තමා

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site