
(සනත් ගමගේ)
වෙල්යායක ඉපනැල්ලට තැබූ ගින්දර නිවීමට එහි ගිය ගොවියකු ගින්නට හසුවීමෙන් මියගොස් ඇති බව හුංගම පොලීසිය කියයි.
ගින්දර නිවීමට එහි ගිය හැට හත් හැවිරිදි දෙදරු පියකු මෙලෙස ගින්නට හසුවී පිලිස්සීමෙන් මියගොස් තිබේ.
ලුනම පදිංචි වීරසිංහ පට්ටිය ගමගේ ප්‍රේමදාස යන අය මෙලෙස ගින්නට හසු වී මිය ගොස් තිබේ.
ලුනම වැව යටතේ වගා කෙරෙන කුඹුරුයාය ඉපනැල්ලට කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති අතර එම කුඹුරු යායේ ම තවත් කොටසක මුන් ඇට වගාව ආරම්භ කර ඇති හෙයින් මුන් ඇට වගාව ට ගින්න හසු වේ යැයි සිතා තවත් පුද්ගලයකු මියගිය අයගේ නිවසට පැමිණ කිහිප වතාවක් ගින්න නිවන ලෙසට දන්වා ඇත. ඒ අනුව ගිනිගත් වෙල්යායට ගිය මෙම පුද්ගලයා ගින්න නිවීමට උත්සාහ දැරීමේදී ගින්නට හසුවී පිලිස්සීමෙන්මියගොස් තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය පරීක්ෂණ පවත්වති .


2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුං වගාව ගින්නෙන් බේරා ගන්න ගිය ගොවියා ගින්නට බිලි
නිලන්ත Friday, 21 April 2023 04:37 PM
තමන් ගින්න නිවන්නෙ නැතුව වෙනත් කෙනෙකුගේ නිවසට ගොස් ගින්න නිවන්න කියන්නේ කුමක් හෝ කුමන්ත්‍රණයක් කියලා පැහැදිලියි... විමසුම් ඇස එයට යොමුකිරීම සුදුසුයි...