IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


‘‘මං රනිල් රාජපක්ෂ නෙමෙයි’’

(අංජුල මහික වීරරත්න)

උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය තමා මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත් එය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ උතුරු හා නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ අද (18) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවේදීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මීට පෙර කැමැත්ත පළ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා එහිදී කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා කියා සිටියේ තමා රනිල් වික්‍රමසිංහ මිස රනිල් රාජපක්ෂ නොවන බවයි.

තමාට අවශ්‍ය උතුරු නැගෙනර ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳීම මිස ඉන් දේශපාලන ප්‍රතිලාභ ලබා ගැනීම නොවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදි පැවසීය.

තමා උතුරු හා නැගෙනහිර ජනතාවට කිසිදු අවස්ථාවක අසාධාරණයක් සිදු නොකරන අතර මීට වඩා යමක් ඔවුන් වෙනුවෙන් සිදු කිරීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් ලබාගත යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

 



අදහස් (26)

‘‘මං රනිල් රාජපක්ෂ නෙමෙයි’’

C.K.Lankaputhra Tuesday, 18 July 2023 07:34 PM

වැඩ කරන්නෙ මහින්දගේ උපදෙස් අනුව නිසා තමයි ඔබතුමාට මිනිස්සු රනිල් රාජපක්ෂ කියල කියන්න පටන්ගත්තේ. මහින්දගේ ඕනෑ එපා කම් අනුව තව දුරටත් වැඩ කරන්න ගියොත් අන්තිමේදී කන්න වෙන්නෙ පොලියත් එක්ක.

:       18       29

Appuhamy Tuesday, 18 July 2023 10:37 PM

ඉඩම් සහ පොලිස් බලතල කිසිවිටෙක පළාත් සභාවලට දෙන්න එපා. මධ්‍යම රජය යටතේ තබා ගන්න. දෙමළ දේශපාලකයෝ බල කරනවා නම් අපේ අසල්වැසියාගෙන් ගන්න කියන්න.

:       5       33

senaWednesday, 19 July 2023 10:32 AM

මොන පිස්සුද අප්පුහාමි මේ මනුස්සයා බලය ගන්න රටම උනත් දෙනවා .මතකද ඒ දවස් වල කට්ටිය කිවුවා ජොන් ජුවාන් කියලා

:       14       23

SAM Tuesday, 18 July 2023 10:45 PM

උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට ද්‍රවිඩ දේශපාලන පක්ෂ නායකයන්ට දේශාලන බලය බෙදීමක් අවශ්‍යමද ? පාර්ලිමේන්තුවේ ඇමති තනතුරු ලබා ඔවුන්ගේ ජනතවට සේවය කිරීමට උතුරු නැගෙනහිර දේශපාලකයන්ට මතුව තිබෙනාවූ ගැටළු සහ බදාවන් මොනවද? යම් හෙයකින් බලය බෙදීමක් සිදු උවහොත් ඔවුන්ගේ දේශපාලන බලය යොදාගැනීමේ සිමාවන් මොනවාද? බලය ලබාගැනීම් සදහා සහ බලය ලබාගැනීමෙන් පසු ඔවුන් අතර කල්ලි කණ්ඩායම් ගැසී බලය වෙනුවෙන් ද්‍රවිඩ දේශපාලන කණඩායම් අවි ආයුද ගැනීම සිදු නොවන බවට තහවුරු කල හැකිද ? යලිත් ප්‍රබකරන්ලා, උමා මහේස්වරන්ලා, කිට්ටුලා, කුට්ඨමනි, අන්ටෝන් බලසින්හම්ලා කරුණලා වැනි ත්රස්ත නායකයන් බිහි නොවනබවට තහවුරු කල හැකිද ? ඉන්දියාවෙන් තමිල් නඩුවෙන් අවි පුහුණුව ලබා ගැනීමට කටයුතු කිරීම සිදුවනු ඇත. ද්‍රවිඩ, මුස්ලිම් හෝ සිංහල නොව ශ්‍රී ලාංකිකයන් වසයෙන් සිතා කටයුතු කිරීමට පසුබිම නිර්මාණය කර ගත යුතුවේ

:       1       33

Gunendra Wednesday, 19 July 2023 11:04 AM

සෑම් මහතා සමඟ 100% එකඟයි.

:       0       9

Perera Wednesday, 19 July 2023 12:26 AM

හොරා හොරා කියලා පාර්ලිමේන්තුවේදී බෙරිහන්දීපු සිංහයාගේ පුතා ඔය යස අගේට හොරත් එක්ක ඉඳන් ඉන්නේ ඇඳුම් ඇඳගෙනද ?

:       3       27

thanujaWednesday, 19 July 2023 03:34 PM

මෙතෙක් කාලෙකට දැකපු රටට කිසිම වැඩක් නොකරපු, හැමදාම තමුන්ගේ වාසියට අත උස්සපු කෙනෙක් මේ...

:       0       2

විපරමා Wednesday, 19 July 2023 12:29 AM

රනිල් කියන්නේ රාජපක්ෂලාගේ ආරක්ෂකයා. දූෂිත පවුල් පාලනේ උන්ව රකින්නේ එයා.

:       13       20

චතුරි Wednesday, 19 July 2023 01:09 AM

මම. ශිරන්ති රාජපක්ශ. ඇත්තම කිව්වොත්. එක එක වේලවටා. බැසිල් රාජපක්ශ. නාමල් රාජපක්ශ වෙන්නත් පුලුවන් ගෝටබය රාජපක්ශ තමයි මේ තැන මට දුන්නෙ. ඉතින් එ පමපරාව සුරකින් එක ම්ගෙ යුතුකම.

:       8       17

Bamunuarachchi Wednesday, 19 July 2023 01:21 AM

සුමන්තිරන්ට අමු කැවිලද? මහින්ද 13 කිව්ව එකට ගොයියා රැවටිලා. මහින්ද ජනාධිපති උන දවසට 13 ලැබේවි. හැබැයි ඊට කලින් එළුවාගේ අඩේ වැටේවි. 13 පස්සේ යන්නේ නැතුව එළුවා පස්සේ යන එක හොඳයි.

:       2       9

Demuni de Silva Wednesday, 19 July 2023 03:25 AM

සුමනේ කියන දේ හරියටම හරි! ඔබලාව ජනාධිපති ධූරයට පත් කළේ රාජපක්ෂලා, අදත් ඔබව ආරක්ෂා කරන්නේ රාජපක්ෂලා නිසා ඒ නිසා ඔබ යැපෙන්නේ රාජපක්ෂලාගෙන්.

:       7       24

Bamunuarachchi Thursday, 20 July 2023 10:47 AM

රාජපක්ෂළා නොසිටින්න අද තුම්සේලා අපිලා කඹුරන්නේ ප්‍රබාකරන්ට ඒක අමතකද? ඒ ගැන මොකද කියන්නේ? ජෙප්පෝ මේ රටට කරපු මගුලක් නැහැ විනාසය හැරෙන්න.

:       0       2

chandima Wednesday, 19 July 2023 05:22 AM

රනිල් රාජපක්ෂ නෙමෙයි රජරනිල්පක්ෂ .බලන්න රාජපක්ෂලාට ගෑවිලා වත් නැහැ නේද ?

:       4       12

Sharm Wednesday, 19 July 2023 05:24 AM

උප්පැන්නෙ අලුතෙන් ලියාගෙන දැං අවුරුද්දක් විතර ඇති මයෙ හිතේ... ඒ හන්දා මතක නැතුව ඇති.. පවු..

:       6       11

Nimal Wednesday, 19 July 2023 06:25 AM

ඔව් ,ඔබ රාජපක්ෂ නොවෙයි .රට විනාශකරන්න රාජපක්ෂ වරුන්ට අන්තයි

:       10       17

Bamunuarachchi Thursday, 20 July 2023 11:00 AM

ප්‍රබාකරන් සිංහල මිනිස්සු බුරුතු ගණන් මරණ කාලේ ඔහේ කොහේද හිටියේ? රාජපක්ෂල නොසිටින්න ඔහේගේ පාන්සකුලෙත් දීල බොහොම කල් කියලා හිතෙන්නේ මට විතරද? දේශපාලන හොරු 1977 පසුව ඕනෑතරම් හිටිය. නමුත් ප්‍රබාකරන්ගෙන් මේ සිංහල රට බේරගන්න රාජපක්ෂල හැරෙන්න වෙන කව්රුත් හිටියේ නැහැ.

:       0       3

gilan Wednesday, 19 July 2023 07:33 AM

මහින්ද වික්‍රමසිංහ

:       5       11

සක්‍රයා Wednesday, 19 July 2023 08:07 AM

බුරුසු රැවුලක් නැතිවුනාට රනිලාට මහින්දට වඩා කොන්දක් තියෙන පාටයි.

:       11       18

Wickramasekara Wednesday, 19 July 2023 10:00 AM

හරිම හොඳ වැඩක් ජනාදිපති තුමනි ... මේ ගැටලුව ඉක්මනට විසදමු .....

:       12       15

Bamunuarachchi Wednesday, 19 July 2023 02:27 PM

මේ මිනිහාට අමුකැවිලද? දෙමලුන්ගේ ප්‍රශ්නයෙන් ඔහෙට, සිංහල අපිට තිබෙන ප්‍රශ්නය මොකක්ද? දෙමලුන්ගේ ප්‍රශ්න විසඳන්න රටෙන් රටෙන් 2/5 දෙන්න කැමති මොකාද? ටිකක් ඉඩ දුන්නාම බස් සීට් එක අල්ල ගන්නවා වගේ දෙමළා වෙනම රටක් හදාගන්න තුරු නවතින්නේ නැහැ. ඔහේගේ දෙමළ ඥාති සම්බන්ද කම් වලට සිංහල අපි පලි නැහැ. නමින් නම් Wikamasekara ලේ සින්න ලිංගම් වගේ.

:       1       5

achini Wednesday, 19 July 2023 10:15 AM

ඉස්සර රනිල් හොරා හොරා කියලා කෑ ගහපු බොරලුගොඩ නරි -දැන් බලයට තියන කෑදර රනිලාගේ කකුල් ලෙවකන්න

:       4       22

Bamunuarachchi Wednesday, 19 July 2023 07:02 PM

මැට්ටෝ දේශපාලනයේ සදාකාලික යාළුවොත් නැහැ.. තරහ කාරයෝත් නැහැ. ඒක අයිසෙක් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය වගේ සත්‍යයක්‌...

:       0       0

Bamunuarachchi Friday, 21 July 2023 04:33 AM

ahini දේශපාලනයේ සදාකාලික හතුරෝවත් සදාකාලික මිතුරෝ වත් නැහැ කියන එක අයිසෙක් නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ නියමය වගේ සත්‍යක්‌ එනිසා නොදන්නා කම ලෝකෙට පෙන්වන්නේ නැතුව ඉන්න,

:       0       0

අරවින්ද මොනරවිල Wednesday, 19 July 2023 11:56 AM

මේ හදන්නේ නැති අවුලක් ඇති කරලා, ඒ මතින් තවදුරටත් බලයේ ඉන්න උපක්‍රමයක් හොයන්නයි. බලය බෙදීමට උත්සහා කරන විට රාජපක්ෂ පාර්ශවයේ බොරු දේශප්‍රේමියෝ රටතුල කලබල ඇතිකරලා ඒ හරහා පිං ජනාපතිට හදිසි නීතිය හා ත්‍රස්ත මර්ධන නීතිය රට තුල ක්‍රියාත්මක කරන්න, රාජපකේෂගේ එහෙයියන් ගැත්තන් ලගින පාර්ලිමේන්තුව මගින් පහසුවෙන් හැකියාව තියෙනවා. ඒ හරහා සමහර වෙලාවට හදිසි නීතිය යටතේ ජනාධිපති මැතිවරණ කල් දැමීමක් වෙන්නත් පුළුවන්. මේ වෙලාවේ රනිල් රාජපක්ෂ ජනාධිපති වෙලා තවදුරටත් බලයේ සිටීම රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර ආරවුල් විසදා ගන්නත් රටතුල තමන්ට ඇති අප්‍රසාදය අවම කර ගන්නත් හොද උපායක් ලෙස ඔවුන් සිතනවා ඇත.

:       2       17

බද්රානි Wednesday, 19 July 2023 03:23 PM

උතුරට නොවෙයි, ලංකාවේ සියලුම පළාත් සභාවලට බලතල හා ස්වයං පාලනයක් ලබා දෙන්න. ෆෙඩරල් ක්‍රමය ක්‍රියාත්මක කරන්න. ලෝකයේ දියුණු රටවල් වල ක්‍රියාත්මක වෙන්නේ ඒ ක්‍රමයයි. මධ්‍යම ආණ්ඩුවට සියල්ලම බදාගෙන සියල්ල හෝ කිසිවක් කළ නොහැකියි. ඒ වගේම පළාත අනුව ජනතාවගේ අවශ්‍යතාවයන් හා ජීවන රටාව වෙනස්. ඒ නිර්ණායකයන් සැලකිල්ලට ගෙන ඒ ඒ පළාත්වල තිබෙන ගැටළුවලට විසඳුම් ලබාගත හැකියි. ලංකාවේ තක්කඩි දේශපාලකයින් හා තක්කඩි පූජකයින් රැලක් නිසා තමයි මේ පළාත් සභා ගැටළුවට විසඳුම් ලබාදීමට නොහැකිවී තිබෙන්නේ. යම් ලෙසකින් උතුරට ස්වයං පාලනයක් ලබා දුන්නොත්, එය ලංකාවේ දියුණුම පළාත් සභාව වෙන එක නම් සිංහල ජාතිවාදී නිකමුන්ට වළක්වා ගැනීමට නොහැකි වේවි... නැගෙනහිර පළාත වුණත් එසේම තමයි. මේ දිනවල උතුරේ මදාවි ද්‍රවිඩ තරුණයෙක් යොදාගෙන සිංහල දේශපාලකයින් කරන විගඩම ගැන උගත් ද්‍රවිඩ දේශපාලකයින් කලබල විය යුතු නැහැ.

:       0       0

අරවින්ද මොනරවිලWednesday, 19 July 2023 06:31 PM

ලෝකයේ දියුණු යයි කියන හැම රටක්ම බලය බෙදලා නැහැ. එහෙම අනිත් රටවල් කල පමණින් අපිද ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය‍ත් නැහැ. අපි අනුගමනය කරන්න ඕනෑ අපේ රටට ගැලපෙන අපේ අවශ්‍යතාවයට අනුව ක්‍රමයක් විය යුතුයි. සමහර විට ඒක ලෝකයේ වෙන කිසිම රටක ක්‍රියාත්මක වන ක්‍රමයක් නොවෙන්නත් පුළුවන්. ඒ වගේම පළාත් සභා කියන්නේ ලංකාවට අවශ්‍ය දෙයක් හෝ ගැලපෙන දෙයක් නොවෙන බව වසර තිස්පහක ඉතිහාසය පුරා මනාව ඔප්පුවෙලා තියෙන කාරණයක්. ඒ නිසා ඒක ගැන නැවත කතා කරන්නේම රනිල් වගේ වැඩකට දේශපාලන අනාථයෝ විතරයි. රනිල් ඒක කරන්නේ දෙමළ ජනතාව ගැන ඇති අනුකම්පාවෙන් හෝ ජාතික ප්‍රශ්නයට නිවැරැදි විසඳුමක් ලබාදීමේ අවංක චේතනාවෙන් නොවන බවට පැහැදිලියි... ඒ වගේම තමන් අනිසි විදියට ලබාගත් බලය තවදුරටත් පවත්වාගෙන යන්න පාවිච්චි කරන කූඨ උපායේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස බව ඊටත් වඩා පැහැදිලි කාරණයකි. ඒ නිසා රනිල්ගේ මුග්ධ හා නින්දිත උපක්‍රමවලට නොරැවටි රට වැටි ඇති අවාසනාවන්ත තත්වයෙන් මුදා ගැනීමට අවදියෙන් සිටින්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම නිලධාරි වසර 20කට හිරේ
2025 මැයි මස 09 87 0

දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය


’’තොරොම්බෝල් කඩ’’ පාරේ යන දවස නවත්වන කාලය කියයි
2025 මැයි මස 09 621 1

මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකයින්ගේ පෙත්සමට දින දෙයි
2025 මැයි මස 09 176 0

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප


මන්ත්‍රීන් බිලිබාන සෙට් එක අල්ලා හිරේ දමනවා
2025 මැයි මස 09 425 3

පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්


දේශබන්දු මැතිසබා කමිටුවට 19 කැදවයි
2025 මැයි මස 09 203 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1


කොටහේන දැරියගේ මරණයෙන් මැතිසබේ රත්වෙයි
2025 මැයි මස 09 1061 1

අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 9 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1287 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site