
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කාන්තාවක් ලෙස පෙනෙන ලෙස දිග ගවුමක් අන්දවා නාත්තන්ඩිය වැලිපැන්නගහමුල්ල හන්දියේ අතහැර දමා ගොස් සිටි වයෝවෘද්ධ පුද්ගලයකු දුනකදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.
බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු යැයි කියන වයෝවෘද්ධ පුද්ගලයා උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ වැඩ පරිපාලකවරයකු වන රොශාන්ත මනෝජ් අරවින්ද මහතා රෝහලට ඇතුළත්කර ඇතැයි පොලිසිය කියයි.
අවුරුදු 70 - 75 අතර වයසේ පසුවන බවට අනුමාන කළ හැකි මෙම පුද්ගලයා හමු වන විට ඔහු ඇඳ සිටි කාන්තා ඇඳු මේ මලපහ පිට වී තිබී ඇත
බිම වැතිරී කෙඳිරි ගාමින් සිටි පුද්ගලයා අවට සිටි තරුණ පිරිසගේ ද සහාය ඇතිව නහවා පිරිසුදු කර කුසගින්නේ සිටි බව පෙනී ගිය නිසා කන්න බොන්න ලබාදී 1990 සුවසැරිය ගිලන් රථයකින් රෝහල්ගත කිරීමට කඩිනමින් පියවර ගත් බව අරවින්ද මහතා කීය
ඔහුගෙන් තොරතුරු විමසූ අවස්ථාවේ ඔහු බොහොම අමාරුවෙන් කතා කරමින් තමන් බදුල්ලේ පදිංචි අබේරත්න බණ්ඩාර නැමැත්තකු බව පැවසුවේ යැයි අරවින්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය
බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන මොහු එම ප්‍රදේශයට පැමිණි ආකාරය ගැන තොරතුරු හෙලි කිරිමට අපොහොසත් වූ බවද ඔහු පැවසීය
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේ පියා අතරමං කළාද?
පැරකුම් Monday, 03 July 2023 03:05 PM
මේ තමා අද සමාජයේ සාරධර්ම පිරිහී ඇති තරම.