IMG-LOGO

මං කිව්ව දේ කලා නම් විපක්ෂය ජය ගන්නවා

(අංජුල මහික වීරරත්න)

තමා උපදෙස් දුන් ආකාරයට විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී පළාත් පාලන ආයතන පනහකට සීයකට පමණ තරඟ කළා නම් එම සන්ධානයට මන්ත්‍රී ධුර සැලකිය යුතු ගණනක් ගන්නට ඉඩ තිබූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

විශේෂයෙන් කොළඹට පමණක්වත් එවැනි දෙයක් කරන්නට තිබු බව කී රනිල් වික්‍රමසිංහ මහතා තමා කී පරිදි විපක්ෂය එකතු නොවූ නිසා ජනතාව දෙපැත්තකට ටොකු ඇන්න බව පැවසීය.

කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අවුරුදු පහකට පසුව අප අලියා ලකුණ යටතේ තරඟ කළා.මෙය යම් ඇරැඹුමක් ලෙස සැලකිය හැකියි.සමහර ප්‍රදේශ වල අපේ ප්‍රතිඵල හොඳයි. සෑහීමකට පත්විය හැකියි.දැන් අලුතින් එක්සත් ජාතික පක්ෂය වැඩ කළ යුතුව තිබෙනවා. දැන් විපක්ෂය එකතු වී ජනතාවට යම් වැඩපිළිවෙළක් හඳුන්වා දිය යුතුයි.

මා මැතිවරණ ප්‍රචාරක වැඩවලට සහභාගී වූයේත් නැහැ. තරුණ නායකයන්ට මෙය කරගෙන යන්න බාර දුන්නා. මෙය යම් පරීක්ෂණයක්.හොඳ තැන් මෙන්ම අසාර්ථක තැන්ද තිබෙනවා.අප දැනට තිබෙන ශක්තියෙන් ඉදිරියට යන්නේ කෙසේදැයි සිතිය යුතුයි.

අලියා ලකුණින් ඉදිරිපත් වූ විට ජනතාව ඡන්දය දෙන්නට එන බව සමහරුන් කිව්වා.අලියාගෙන් ඉදිරිපත් වූවා කියා පමණක් ඡන්දය දාන්නට එන්නේ නැති බව දැන් පෙනෙන්නට තිබෙනවා. දැන් පක්ෂයේ අලුත් අය හඳුන්වා දිය යුතුයි. මේ පක්ෂය ගොඩනැගිය යුත්තේ අවුරුදු පනහේ- හතළිහේ අයයි.මෙතනින් පසු තරුණ පරපුර වගකීම් බාරගෙන ඉදිරියට යා යුතුයි. සජබෙටත් ගියපාර ලැබුන ඡන්ද ලැබුණේ නැහැ.

 



අදහස් (39)

මං කිව්ව දේ කලා නම් විපක්ෂය ජය ගන්නවා

වත්සි Wednesday, 07 May 2025 11:58 AM

විපක්ෂයේ බෙදීම ආණ්ඩුවට වාසි සහගත තත්ත්වයක් උදා කර ඇති වග පෙනුණත් මෙම ප්‍රතිඵල මඟින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ සැලකිය යුතු පසුබෑමක් ය. සී සී කඩ වූ විපක්‍ෂය හමුවේ ජාජබය කිසියම් ජයක් ලබා ඇතත් බොහෝ සභාවල බලය පිහිටුවීමට ඒ ප්‍රමාණවත් නොවේ. බොරුවට වැඩි ආයුෂ නැතැයි යන පැරැණ්නන්ගේ කියමන මොන තරම් සත්‍යය දැයි මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් තහවුරු වන්නේ. ඒ වාගේම සමාජ මාධ්‍යයේ සැරිසරන රජයේ සේදුම් බලකායට තම උත්සාහය තවත් වර්ධනය කර ගැනීමටත් සිදු වේ.

:       114       192

පොඩිඑකා Wednesday, 07 May 2025 12:09 PM

එතකොට ඔහේ පහුගිය ජනාධිපතිවරණය කුජීතෙටම පැරදුනේ, ඔහේ කියන දේ ඔහේම අහන්නෙ නැතුව වැඩ කරලද මුත්තේ?

:       53       123

ප්‍රසන්න Wednesday, 07 May 2025 04:52 PM

මේ මොළේ අප්සෙට් වෙච්චි ජනතාව ප්‍රතික්ෂේප කරපු, රට ණය කරපු ගොබ්බයාත් එක්ක එකතු වුණා නම් සජබ යට පහුගිය 2024 නොවෙම්බර් තිබුණු ඡන්ද ප්‍රතිශතය වුණු 17.6% වැඩි කර ගන්න හම්බ වෙන්නේ නෑ. එම ප්‍රතිශතය 21.7% දක්වා වැඩි වුණා කියලා දන්නේ නෑ.

:       9       62

ලූට මූස් Wednesday, 07 May 2025 12:18 PM

එක දිගට ඡන්ද විසිගානක් පැරදිච්ච ‘ලොස්තාද්’ අනිත් අයට දිනන හැටි උගන්නනවා….! අනේ සකෝ බලලෝ කිව්වලු!

:       32       92

හරමානිස්Wednesday, 07 May 2025 01:32 PM

මෙයා මහින්දගේ අත කොලුවා වෙලා අන්තිමට අලි පූට්ටුවක් වුණා...

:       22       43

කව්ද බෝයි Wednesday, 07 May 2025 12:20 PM

මේකට එක ඡන්දයක්වත් දිනාගන්න බැරිව, වටේටම ඡන්ද දිනනහැටි ගැන බණ කියනවා...

:       21       52

ප්‍රියන්ත Wednesday, 07 May 2025 12:20 PM

අර ඔයාගේ මාමණ්ඩිය කළා වගේ, ඡන්ද පෙට්ටි ටික ඉස්සුවා නම් ඊට ලේසියෙන් දිනන්න තිබුණා.

:       20       45

randil dunuwille Wednesday, 07 May 2025 12:26 PM

වත්සි ඔබලා මිනිස්සු නම් වෙන්න නම් බෑ. තනිකර ගොන්නු...

:       41       34

යෝගා Wednesday, 07 May 2025 12:33 PM

මාස හයක් ඇතුළත මාලිමාවේ ඡන්ද 24 ලක්ෂයක් හැලිලා. පාර්ලිමේන්තුවේ පඹයෝ 159ක් හිටියාට අලුත්ම ජනමතය අනුව ආණ්ඩුවට සරල බහුතර ජනතා කැමැත්තවත් දැන් නෑ. ඔහොම යංකෝ...!

:       57       85

පොඩිඑකාWednesday, 07 May 2025 02:26 PM

ඈ යෝගා උන්නැහේ, ඒ හැලිච්චි ටික අහවල් එකටද වැටුනේ….?

:       42       22

Jagath Leanage Wednesday, 07 May 2025 12:34 PM

අනේ සීයේ. දැන්වත් දේශපාලනයෙන් විශ්‍රාම අරගෙන ගෙදර යන්න. පතාක පක්ෂයක් බින්දුවටම වට්ටලා ලොකු ලොකු කතාත් කියන්න එන්නේ නැතුව නෙට්ෆ්ලික්ස් බලාගෙන ඉන්නකෝ .

:       21       42

ගමේ එකාලා Wednesday, 07 May 2025 12:50 PM

ගම්වල තවමත් වහල්ලු ඉන්න බව පේනවා..

:       50       41

Akila Wednesday, 07 May 2025 12:54 PM

එතකොට ඔය විපක්ෂය කියන්නේ එකතුවෙලා රට බංකොලොත් කරපු කට්ටිය නේද? ඒ ගොල්ලෝ බලය අරගෙන ආපහු මොනවා කරන්නද?

:       49       38

ගුණරත්න Wednesday, 07 May 2025 01:14 PM

රනිල් ජනාධිපතිතුමා කිවූ දෙය ඇත්ත, සමගි ජන බලවේගය දැනගන්න ඕනෑ... මේක තනි ගමනක් නොවෙන බව, එහෙම වෙලාවට කැපකිරීම් කරන්නත් ඕනෑ, ඒ මොකවත් නැතිව මම තමා හපනා වීරයා කියලා කෝටි ගණන් වියදන් කරලා ඡන්ද කළත් වැඩක් නැහැ. ගිය ඡන්දයේ රනිල් එක්ක එකතුවෙලා ඡන්ද කළා නම් අද සජිත් අගමැති, ඒත් තවම මොලේ පෑදිලා නැහැ...

:       54       35

පොඩිඑකාWednesday, 07 May 2025 02:37 PM

ඉතිං ගුණයෝ, ඔහෙගෙ පංඩිත මුත්තා, තමංගෙ බල තන්හාව අතහැරලා, සජිත්ට නායක කම දීලා දෙකට කැඩුනු පක්ෂය එකතු කලානං ඉවරනේ!

:       13       94

Sudathjayaratne Wednesday, 07 May 2025 01:18 PM

එජාපෙයට රෙද්දේ ගිහිල්ලත් ඒකේ නායකයගේ කටේ උජාරුව. යූ ඇන්පියට නිවන් සුව පතමු.

:       25       42

suranWednesday, 07 May 2025 02:01 PM

සුදත් ජයරත්න මහත්මා ඇතැම් දියුණු රටවල නඩුකාරයින් විශ්‍රාම යන්නේ අවුරුදු 75 ත් පහුවෙලා. නමුත් බස් රියදුරන්, ගුවන් නියමුවන් අනිවාර්යයෙන්ම අවුරුදු 60ක් පමණ වනවිට විශ්‍රාම යායුතුයි. මේ පිටුපස ඇති තර්කය කුමක්දැයි අඳ බාලයින්ට අවබෝධ කරගන්න බැහැ. නමුත් මේ වගේ මෝඩයින් තමන්ට වඩා උගතුන්, බුද්ධිමතුන් මේ ලෝකයේ තවත් නැතැයි හිතාගෙන ඉන්නවා. එවැනි බොහෝ අයගේ මුල් ළමාවිය නිසි ලෙස සංවර්ධනය වී නැහැ. ඒ නිසයි විරුද්ධ මතයක් පිළිගන්න බැරිව අවලාද නගන්නේ?

:       4       25

ප්‍රියන්තWednesday, 07 May 2025 02:34 PM

හලෝ සුරන්, එය අදාල වන්නේ දියුණු රටවල උගත් බුද්ධිමත් සහ සාර්ථකව තම වෘත්තිය කල වෘත්තිකයන්ට මිස, තුනෙන් දෙකකට වඩා බලයක් තිබූ පක්ෂයක් බිමට සමතලා කර මැතිවරණ විස්සකට වඩා පරාජය වූ මහළු ‘ලොස්තාද්’ ලාට නොවේ!

:       13       22

suranWednesday, 07 May 2025 03:30 PM

ප්‍රියන්ත මහතා ඔබටත් මා කලින් කී කතාවේ අවසන් කොටස ගැලපෙන බව ඔබගේ අදහස් ප්‍රකාශ අර ඇති ආකාරය අනුව මනාව පැහැදිලියි. මා කිසි විටකත් රනිල් මහතාගේ අනුගාමිකයෙක් නොවුනෙමි. නමුත් රට 2022 දී රට කඩාවැටුණු වෙලේ අන් අය නොකෙරෙන කතා කියමින් මග හැරයද්දී ඔහු නියම නායකයෙක් ලෙස වගකීම බාරගෙන රට ස්ථාවර තත්වයකට පත්කිරීමේ ගෞරවය නොමසුරුවම ඔහුට නොදීමට තරම් මා කුහකයෙකු නොවෙමි. 2005දී ඡන්ද 186,000 කින් ඔහු මහින්දට පරද වන්නේ කුමක් නිසා දැයි ඔබගේ ලාමක හා කුහක මොලයට තේරුම්ගත නොහැකි බව මා දනිමි. එමෙන්ම වසර 5කට ජනතාව පත්කළ ආණ්ඩුවක් වසර 2කදී චන්ද්‍රිකා විසිරුවා හැරීම කෙතරම් සදාචාරාත්මක දැයි ඔබ වැනි කුහකයින්ට නොතේරෙනු ඇත. එමෙන්ම අනුන්ගේ උගත්කම් සෙවීමට පෙර ඔබගේ උගත්කම පිළිබඳව කන්නාඩිය ඉදිරියට ගොස් අසන්න...

:       11       17

ප්‍රියන්තWednesday, 07 May 2025 04:07 PM

හලෝ සුරන්, එහෙනං මේ උන්දෑ අවුරුදු ගණනාවක් බලයේ ඉඳලා රටට කෙලවුනේ කොහොමද...?

:       14       13

පොඩිඑකාWednesday, 07 May 2025 04:15 PM

සුරන් උන්නැහේ, එතකොට බටලන්ද, මහ බැංකු…? අනේ මගේ කට...!

:       14       13

sudath Wednesday, 07 May 2025 09:16 PM

ඒ ලෝකයේ දියුනු රටවල. අපි වැලේ වැල් නැති රටක්නේ.

:       1       3

අලියා.. Wednesday, 07 May 2025 01:26 PM

මගේ පස්සේ ආවාට කමක් නෑ...

:       8       8

අස්සයා නැති කරගත්ත කව් බෝයි, බකල ජයා Wednesday, 07 May 2025 01:42 PM

මං කිව්වේ, මං කිව්වේ, චව් චව්, මං කිව්වේ චව් චව්...

:       11       24

Lal Fernando Wednesday, 07 May 2025 02:16 PM

කතාව හරි අවුරුදු 40- 50 අයට ඉඩ දීලා අවුරුදු හැත්තෑව පැනපු වැඩ බැරි නාකි කාළකන්නි ගෙදර පලයව්...

:       12       22

රනිල් වික්‍රමසිංහ Wednesday, 07 May 2025 03:08 PM

බැහැ බැහැ ..70 ට වැඩි අය උපදේශකයින් විදිහට ඉන්න ඕනෑ. ඒ උත්තමයින් කියන විදිහට තමයි තරුණ අය, වැඩකළ යුත්තේ. දැන් මම බලන්න, පක්ෂයේ සියලු දෙනාම මට බයයි... මම කියන විදිහට ඉන්න බැරිනම් පයින් ගහලා පක්ෂයෙන් දොට්ට දානවා. ඒකම තමයි මම සජිත්ට කළේත්. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ...

:       4       11

ලූට මූස් Wednesday, 07 May 2025 02:28 PM

ලොන්ඩරි යෝගා, හැලිච්ච ඒව ගනං කරන ජොබ් එකත් පටං අරං. දෙකට නැවිල බලන්න ඔහෙගෙ අහවල් එකත් හැලිලද කියලා!

:       7       6

sumal Wednesday, 07 May 2025 03:00 PM

මේකානම් පිස්සෙක් !!! අවුරුදු 40 ක් හැම චන්දයක්ම පැරදිලා ,දැන් අනිත් අයට උපදෙස් දෙනවා , මේ සතාව වහාම අංගොඩ පිස්සන් කොටුවට යවන්න.

:       8       12

කුකුල් චමින්ද Wednesday, 07 May 2025 03:12 PM

වත්සි, අනේ ඔයා ඉන්නේ කොයි පළාතේද? පොත්ත රතට තියෙනවා නම්, මට තව එක වැස්සියක් වැඩි නෑ.

:       5       9

Chandima Wednesday, 07 May 2025 03:14 PM

අනුන්ට දිනන හැටි කියවනවා. තමුන් හැමදාම පරදිනවා. අනේ පිනෝ?...

:       7       14

fairoos Wednesday, 07 May 2025 05:03 PM

අපරාදෙ නේද? බලය අල්ලගන්න තිබ්බා මුහුදට ගියා නම්...

:       3       9

චතුරි Wednesday, 07 May 2025 06:13 PM

අනුන්ට උප්දෙස් දෙන්න කලින්. තමන් ගැන බලා ගන්න. තමන්ගෙ පක්ශයේ අයගේ මෝලේ හෙදුවට වැඩක් නැහැ. හැන්ද තියෙන්නෙ ජනතාව අතේ ඒකනේ තමන් පැරදුනේ. අනුර කුමාර ඉන්නෙ ජනාතව එක්ක. ඔය ලොකු කම්. කිසිම දෙයක් නැහැ. මේයලාරට කෙරුවේ. දිව්‍යලෝකෙන් ආපු විදියට පාවඩ එලාගන සැලුට් ගහගෙන හේවායෝ ආරක්ශකයෝ. මල් වට්ටි පෝලිමේ. අන්තිමට ගමේත් නැහැ. තවටික කලකින්කුරු ගනින්න වෙයි. වැඩේ පත්තු වෙනකොට.

:       2       2

Nihal Dharmatileke Wednesday, 07 May 2025 06:17 PM

ඒ කතාව හරි .කෝ අර්ජුන් මහේන්ද්‍රන් ?

:       2       0

Dasa P Wednesday, 07 May 2025 07:45 PM

මුත්තා හරියට ලංකාවේ ක්‍රිකට් මැච් එකක් පැරැදුණාම ගමේ ගොඩේ බයියලා කියන කතා වගේ කතා කියන්නේ...

:       2       1

තර්ස්ත මාෂල් Thursday, 08 May 2025 07:13 AM

දැන්වත් අර පක්ෂය කඩාගෙන ගිය කුමන්ත්‍රණ කාරයව අමතක කරන්න . කවදාකවත් නුගත් අසත්පුර්ශයන්ව එකතු කරගන්න උත්සහ කරන්න එපා . ඒක මේ රටට කරන විනාසයක් . ඔලුවේ තියෙන්නේ කාව මරාගෙන හරි රජ වෙන්න . ඒක රටට ඇති ආදරයක් නිසා නෙමෙයි . හැපිචෝල් ගතිගුණ . 'සසර වසනා තුරු අසත්පුරුෂයෝ හමු නොවේවා !' ලංකාවට එහෙම දෙයක් නොවේවා !

:       0       1

Bunny Preena Thursday, 08 May 2025 09:10 AM

රනිල්ගේ පක්ෂය හොල්ලගෙන චණ්ඩියෙක් වගේ ඉන්න හේතුව තමයි, පක්ෂේ හරි පිරිමියෙක් නෑතිකම. දැන්ට පිරිමි පරපුරක් එම පක්ෂයෙන් පෙනෙන්නෙත් නෑ.

:       2       1

සුගේෂ් Thursday, 08 May 2025 01:30 PM

මෙය රටේ පාලන බලය වෙනස් කරන ඡන්දයක් නොවේ. තම පක්ෂය කුමක් වුවත් හිතවත්කම් නෑකම් හෝ වෙනත් හේතු මත වෙනත් අයට ඡන්දය දෙනවා. මෙවැනි ඡන්දයකදී පුරකාශ වන ඡන්ද ප්‍රතිශතය මෙය තමයි. මාලිමාව ලැබූ ඡන්ද සංඛ්‍යාව ඔවුන්ගේ ඡන්ද නොව මධ්‍යස්ථ ඡන්ද වලින් කොටසක් පමණි. මාලිමාව දිනවීම තුලින් ජනතා අභිලාෂය පෙන්වා දී ඇත. එබැවින්තතවමත් මාලිමාව මත විස්වාසය තබා ඇත. ඡ

:       2       3

NalinA@ gmail.com Thursday, 08 May 2025 05:03 PM

අනේ සීයේ...ඉස්සෙල්ලා ඡන්දයක් දිනලා පෙන්නහං...

:       2       5

Sandunil Perera Friday, 09 May 2025 12:25 PM

රනිල් රට ගොඩදාලා දුන්නු නිසා දැන් ඡන්ද ගැන කතාකරනවා. නැත්නම් ම්නිස්සු තාම තෙල්, ගෑස් පෝලින්වල කරන්ට් නැතුව ඉට්පන්දම් පත්තුකරන් බකන්නිලාගෙන...

:       6       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 109 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 502 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 264 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site