
(අංජුල මහික වීරරත්න)
මෙම වසර අවසන් වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය හා චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට සැලසුම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.
රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් ආර්ථිකය යළි නොවැටෙන තැනකට පත් කරලීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කර ඉදිරියට ගෙන යා යුතු බව ද අලි සබ්රි මහතා කීය.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට ධීවර, සංචාරක, කෘෂිකර්ම හා පුනර්ජනනීය බල ශක්ති පිළිබඳ ආයෝජන විශාල සංඛ්‍යාවක් ලැබීමට නියමිත බවද විදේශ අමාත්‍යවරයා කීය.
ලෝකයේ රටවල තිබෙන විශාල වෙළෙඳ පොළවල් සමඟ ගනුදෙනු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමට හැකියාව තිබෙන්නේ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේ අවුරුද්දේ තව රටවල් පහක් සමග වෙළෙඳ ගිවිසුම්
fairoos Tuesday, 06 February 2024 06:00 PM
ගෝඨාභය නඩුවලින් බේරගත්තා වගේ ඊළඟට රනිල්වත් බේරගන්න වෙයි...
Pankumburage Tuesday, 06 February 2024 06:06 PM
රනිල් හොඳ නැහැ කියලා නේද ගෝඨාභය ජනාධිපති කළේ. දැන් රනිල් හොරාගේ වැඩ පිළිවෙල ශක්තිමත් කරන්න හදනවා. ලැජ්ජයි සබ්රි ලැජ්ජයි...!
අරවින්ද මොනරවිල Tuesday, 06 February 2024 06:37 PM
මොවුන්ට වුවමනා රටේ නිශ්පාදන හා සේවා ආර්ථිකය විනාශ කරලා දාන්න... ලෝකය හතර වටේම රටවල් එක්ක ගිවිසුම ගහලා රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතන අමන නරුම පාලකයෝ මේඅය...
කරැණාරත්නWednesday, 07 February 2024 09:28 AM
ක්‍රිකට්වල ජාත්‍යන්තර තරගකාරීත්වය නැති වුණොත් ලංකාවේ මිනිස්සුත්, පිටරට මිනිස්සුත් ලංකාවේ ක්‍රිකට් බලන්නේ නැහැ. ක්‍රිකට් බංකොළොත්. ඒ් වගේම අපගේ නිෂ්පාදනවල (භාණ්ඩ හා සේවා) ජාත්‍යන්තර තරගකාරීත්වය නැති වුණොත් වෙන දේ නොතේරන දූපත්වාදී මිනිස්සුන් රටේ බහුතරය වුණොත් රටට අබසරණයි. තෙල්, බෙහෙත් ඇතුලු අත්‍යාවශ්‍ය අපනයන ද්‍රව්‍ය ගන්න පිටරට සල්ලි සුද්දගේ තේ, පිටරට සංචාරකයින් වගේ දේ වලින් හොයාගන්න වෙයි... ලැජ්ජයි නේද ඒ්වත් පිටරැටියන්ගේ. “නොයෙක් තැන්හි අප මුළා වුවහොත් ඒ ආශ්චර්ය නොවේ” “අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී” කුමාරතුංග මුණිදාස ශූරීන්...!
Dharmatileke Tuesday, 06 February 2024 08:52 PM
මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා දෙයක් ඊට පස්සේ නැහැ... අපි හොඳ බඩු නිපදවලා වෙළෙඳ ගිවිසුම් තියන රටට... ඒ රටේ හැදුවා වගේ වැඩි මිලකට, අපෙන් අඩුමිලකට ගත්තු භාණ්ඩය විකුණනවා. මේක තමයි වෙළෙඳ ගිවිසුම්වල සැඟවුණු ක්‍රියාව...
ලුම්බිණි Wednesday, 07 February 2024 09:36 AM
මෙවැනි ගිවිසුම්වලින් බොහෝවිට අකාර්යක්ෂම ආර්ථිකයන්ට සිදුවන්නේ පාඩුවක්... හොඳට අධ්‍යයනයක් නොකර ගහන ගිවිසුම්වලින් පාඩුව අපිටමයි.