
( ඩී.ජී.සුගතපාල)
කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගාල්ල බන්ධනාගාර රැඳවියෙකු මොලේ උණ රෝගය වැළඳිමෙන් මියගොස් ඇතැයි ගාල්ල බන්ධනාගාර අධිකාරි පුළිණ කරුණාරත්න මහතා පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ වඳුරඹ මාබොටුවන දුන්වත්ත පදිංචි පුබුදු රංගන සුමණසේකර නමැති රැඳවියෙකි. ඔහු හෙරොයින් සන්තකයේ තබා ගැනිමේ චෝදනාවට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත්(22)දා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.
මේ සම්බන්ධයෙන් කරාපිටිය රෝහලේ විශේෂඥ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් පී.රුවන්පුර මහතාගෙන් විමසූ විට කියා සිටියේ මෙනින්ගොකොකල් නමැති බැක්ටීරියාවක් මගින් මොලේ උණ ඇති වන අතර එය බෝවන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd