(සුජිත් හේවාජුලිගේ)
ජනතාවට සෙත සලසන බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි ජාතික ජනබලවේග රජයේ අද එකම වැඩපිළිවෙල පලිගැනීම පමණක් බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
රාජ්‍ය සේවකයන් අත්අඩංගුවට ගැනීම, හිරේ දැමීම සහ ස්ථාන මාරු කිරීම කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වනවා හැරෙන්නට අද ඔවුන් කරන වැදගත් දෙයක් පෙනෙන්නට නැතැයිද ඔහු සඳහන් කළේය.
අමරවීර මහතා මෙසේ පැවසුවේ කොළඹ ඩාර්ලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පසුගිය 2 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ 10 වැනි නියෝජිත මහ සභා රැස්වීමේදීය.
මේ රජය බලයට එනවිට දුන් පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටුකර නැතැයි පැවසූ හිටපු අමාත්‍යවරයා ලොකු ප්‍රමාණවලින් අඩුකරන්නේ යැයි පැවසූ විදුලි බිල සහ ඉන්ධන මිලද ජනතාව පීඩාවට පත්වන ආකාරයට වැඩි කළ බව සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මේ රජයේ එකම වැඩපිළිවෙළ පළිගැනීම විතරයි
Shaf Sunday, 06 July 2025 01:39 PM
හොරා කාපු ඒවා අල්ලන එක පළි ගැනීමක්ද?
Riza Sunday, 06 July 2025 01:45 PM
ඔබතුමා රනිල් එක්ක ඉන්න කොට කිව්වා නේද 2048 වෙනකන් ඉවසන්න කියලා ඔන්න අපි ඉවසනවා. ඉතින් ඔබතුමාත් ඉවසන්න.
pradeep Sunday, 06 July 2025 02:10 PM
ඔබලා වගේ අයට වෙන කියන්න දෙයක් නැහැනේ...
මාලිමාපෙන්දා Sunday, 06 July 2025 02:17 PM
ළඟදීම මෙතුමාටත් කේස් එකක් එයි. කතා කළොත් කේස්...
Malika Sunday, 06 July 2025 02:19 PM
මුලින් කෑගැහුවා කෝ හොරු අල්ලනවා කීවා ඇල්ලුවද කියලා. කෝ ෆයිල් ටික කියලා හූ කීවා. දැන් හොරු අල්ලාගෙන යන කොට පලි ගන්නවලු. මෙයාලා හොරකම් කරලා අල්ලනකම් බලාන හිටියේ කාව අල්ලනකන්ද? අහිංසක අපි මේ මහජනතාවට හොර නාම දීලා අල්ලනකම්ද?
මයින Sunday, 06 July 2025 02:26 PM
ඉස්සෙල්ල කිව්ව ෆයිල් විතරයි හොරු නැ කියලා, දැන් හොරු අල්ලන කොට නහයෙන් අඬනවා පලිගන්නවා කියලා, තමුන්ටත් ළඟදීම ස්වීප් එක ඇදෙයි...
Nihal Dharmatileke Sunday, 06 July 2025 02:28 PM
රජයේ පළිගන්නේ ජනතාව වෙනුවෙන් කරන සේවයක්... අපිට ඇත්තේ හිරබත් කන්න. හිටපු ජනතාව පත්කළ නියෝජිතයින්ට දඬුවම් දෙන්න.
ravin Sunday, 06 July 2025 03:16 PM
නැතුව නැතුව ... හැබැයි සුදනෝ අර ව්‍යාපෘතියෙන් මුදල් සෙට් එකට නම් උරුම හිර ගෙදර තමයි... දූෂණ එක එක එළියට ඒම වළකන්න නම් බැරිවෙයි.
Pradeep Kumara Sunday, 06 July 2025 03:56 PM
වැරැදි වලට දඬුවම් දීම පලි ගැනීම ලෙස හුවා දක්වයි නම් ඉන් කියැවෙන්නේ ඔබ බය වී ඇති ආකාරයයි.
M.u.w Sunday, 06 July 2025 04:35 PM
උඹලාගේ අප්පච්චි සහ සුනිල් තුමාගේ පාලන සමයේ හොරකම් කරපු ජනතා දේපල ගැන සෙවීම පළිගැනීමක්ද?