ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ අසුරුමුනි ආරච්චිගේ මේඛලා සදරේනු මහත්මිය ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක (සොලිසිටර්වරියක) ලෙස නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණ අග විනිසුරුවරයා ඉදිරියේ පසුගියදා දිව්රුම් දුන්නාය.
කොළඹ මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ මේඛලා සදරේනු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ කොලනල් ලයිට් පසලේ අධ්‍යාපනය හදාරා ඇති අතර ලන්ඩන් විශ්ව විද්‍යාලයේ නීති උපාධිය සමත් වීමෙන් පසුව ශ්‍රී ලංකා නීතී විද්‍යාලයට ඇතුලු විය. නීති විද්‍යාල විභාග සමත් වීමෙන් අනතුරුව සිය ආධුනික කාලය නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි මහත්මිය යටතේ කටයුතු කරමින් නිම කළාය .
අනතුරුව ඕස්ට්‍රේලියාවේ university of western sydney විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍ර පති විභාගය සමත්ව සොලිසිටර් වරියක ලෙස දිවුරුම් දුන්නාය.
මේඛලා සදරේනු මුදල් අමාත්‍යාංශයේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්‍ෂ ඡනරාල් සේපාලි රූපසිංහ මහත්මියගේ හා නීතිඥ ඒ.ඒ. තිලකරත්න මහතාගේ දියණිය වේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මේඛලා සදරේනු සවුත්වේල්ස්හි නීතිඥවරියක ලෙස දිව්රුම් දෙයි
Nimal Wednesday, 01 October 2025 04:31 PM
මොනවද මේ?
බනිස් කන මම Wednesday, 01 October 2025 04:38 PM
අපිට පාන්ද?
[email protected] Wednesday, 01 October 2025 05:42 PM
මොකක්ද මේකේ වැදගත්කම?
ඇන්ඩෘ සෙබඩවිල Wednesday, 01 October 2025 06:00 PM
අපගේ අනුර කුමාර සහෝදරයා විසින් වසරක් තුළ කර ඇති පරිවර්තනයට මෙය තවත් සාධකයකි. ජනතාව සතුටිනි. එම නිසා ජයග්‍රහණ ද ලබති. ශ්‍රී ලාංකිකයන් තව තවත් ජයග්‍රහණ හෙට දින අත්පත් කර ගනු ඇත. අපගේ මාලිමා ආණ්ඩුවට ජයවේවා...