IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මුහුදුබඩපත්තුව සභාවේ බලය ජාජබට

(සිතුම් චතුරංග)

ඉංලගෙයි තමිල්අරසු කච්චි පක්ෂයට පාලන බලය හිමිව තිබූ මුලතිව්, මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිනිය ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ ඉමක්කුලෙට්ට්‍රා පුෂ්පානන්දන් මහත්මිය  වැඩි ඡන්දයෙන් තේරීපත්විය.

මුහුදුබඩපත්තුව ප්‍රාදේශිය සභාවේ ලෙස සභාපති ලෙස කටයුතු කළ එස්.ලෝගේෂ්වරන් මහතා එම සභාපතිධූරයෙන් 2025 නොවැම්බර් 25 වැනිදා ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව සභාපති තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසුම  පැවැත්විණි.

ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කළ ඉමක්කුලෙට්ට්‍රා පුෂ්පානන්දන් මහත්මිය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයෙන් තෝම්මේපුල්ලේ බබුල්රාජ් මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් එම්.ජොන්සන් මෝහනරාජා යන තිදෙනාගෙ නම් යෝජනාවූ අතර සභාපතිවරයෙක් තෝරාගැනීම සඳහා සභිකයන් විසින් රහස් ඡන්දයක් ඉල්ලා සිටියහ.

රහස් ජන්දයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරන ඉමක්කුලෙට්ට්‍රා පුෂ්පානන්දන් මහත්මිය ජන්ද 14 ක් ලබාගෙන නව සභාපතිනිය ලෙස තේරීපත්විය.

 



අදහස් (1)

මුහුදුබඩපත්තුව සභාවේ බලය ජාජබට

සමන් විමල් Wednesday, 24 December 2025 12:45 PM

හුහ්!හුහ් හූ.. රහස් ඡන්ද . මංගල අය වැය හබක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site