
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මීට වසර තුනකට මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණී යතුරු පැදියේ පැදිකරු අයිස් මත්ද්‍රව්‍ය හා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලඹේ තලාහේන ප්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි .
මෙම පුද්ගලයා තවත් පුද්ගලයකු සමග 2022.08.02 දා යතුරු පැදියකින් පැමිණ මුල්ලේරියාව රෝහල අසලදී හිටපු උප සභාපතිවරයාට වෙඩි තබා ඝාතනය කර තිබුණි.
මේ පිළිබඳව සිදුකළ විමර්ශනයකින් අනතුරුව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයේ නිළධාරින් විසින් අපරාධයේ පැදිකරු ලෙස ක්‍රියා කළ සැකකරු මාළඹේ තලාහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පැවසේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 430 හා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් තිබී පොලිස් භාරයට ගත් බව පැවසේ.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුල්ලේරියාව හිටපු සභාපති ඝාතනයේ යතුරුපැදිකරු අල්ලයි