
(අංජුල මහික වීරරත්න)
මේ මොහොතේ අන් සියල්ලටම වඩා තමන්ගේ සහ සමීපතමයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉල්ලා සිටී.
තොරතුරු සන්නිවේදනයේ දී මාධ්‍ය ආයතන ඉතාමත් වගකීමෙන් කටයුතු කරන්න ලෙසද අග්‍රාමාත්‍යවරිය දැනුම් දෙයි.
මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්නා බවද ඇය පවසයි.
කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු මුළු දිවයිනේම පවතින ආපදා මට්ටම සම්බන්ධව සූම් තාක්ෂණය හරහා පැවැත්වුණු සාකච්ඡාව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
රට පුරා පවතින ආපදා තත්ත්වය හමුවේ අවදානම් ස්ථානවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීම පොලීසිය, හමුදාව සහ නිලධාරීන් විසින් සිදු කරගෙන යන අතර ඔවුන්ගේ උපදෙස් හා මගපෙන්වීම අනුව තමන්ගේ හා සමීපතයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස අග්‍රාමාත්‍යවරිය සඳහන් කරයි.
ආපදාවන්ට ලක් වු ජනතාවගේ දේපොළ ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍යවරිය කියයි.
කොළඹ දිස්ත්‍රික්කයේ. කොළඹ , තිඹිරිගාස්යාය, කඩුවෙල කොලොන්නාව , සීතාවක, පාදුක්ක, හෝමාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වැඩි අවදානමට ලක්වෙන ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවත් එම ප්‍රාදේශ වල අවදානමට ලක් වූ ස්ථානවල ජනතාව ආරක්ෂිත තැන් කරා රැගෙන යාම දැනට මූලිකව සිදුකරමින් සිටින අතර අනෙකුත් ප්‍රදේශවල මාර්ග සහ ජලය බැස යාමේ ස්ථාන පිරිසිදු කිරීමේ කටයුතු දැනටමත් සිදු කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

2025 නොවැම්බර් මස 21
185
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
251
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1133
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මුදවා ගැනීමේ මෙහෙයුම්වලට ජාත්‍යන්තර සහාය