IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මියන්මාර මැතිවරණය සංදර්ශණයක්

2021 වසරේදී නොබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදී රජය හමුදා කුමන්ත්‍රණයකින් පෙරළා දැමීමෙන් පසු මියන්මාරයේ පැවැත්වෙන පළමු මහ මැතිවරණයේ පළමු අදියරේ ඡන්ද විමසීම මේවනවිට අවසන් වී තිබේ. 

දැඩි මර්දනයක් සහ සීමා මධ්‍යයේ පැවති මෙම මැතිවරණය, අද (28) උදෑසන 6 ට ආරම්භ වුණු අතර සවස 4 ට අවසන් විය. මියන්මාරයේ සිවිල් යුද ගැටුම් පවතින අතර, එම පළාත්වල මැතිවරණ පැවැත්වීම සිදුවූයේ නැත. 

සිවිල් යුද ගැටුම් හේතුවෙන් බොහෝ ප්‍රදේශ හමුදා පාලනයට නතු නොවීම නිසා, නගර 330න් ඡන්දය විමසුම පැවැත්වූයේ තුනෙන් එකක පමණ ප්‍රමාණයක් යැයි පැවැසිණි.

ආරක්ෂක හේතූන් මත ප්‍රදේශ 65ක ඡන්ද විමසීම සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. මේ හේතුවෙන් එරට ජනගහනයෙන් අවම වශයෙන් සියයට 20කට පමණ තම තමන්ගේ ඡන්ද අයිතිය භාවිතා කිරීමට අවස්ථාව අහිමි වී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා අඩු මට්ටමක පවතින බව වාර්තා වේ. ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ තුනෙන් එකක පමණ පිරිසක් බව ද මැතිවරණ නිලධාරීන් ඇස්තමේන්තු ගතකර ඇත. මැතිවරණයට ඉදිරිපත් වීම වළක්වන ලද විපක්ෂ කණ්ඩායම් සහ ජාත්‍යන්තර සංවිධාන පවසා ඇත්තේ මෙම මැතිවරණ‍ය, හමුදා පාලනය නීත්‍යානුකූල කර ගැනීම සඳහා පවත්වන සංදර්ශනයක් පමණක් බවය.

මැතිවරණයේ මීළඟ අදියර ලබන ජනවාරි 11 සහ 25 යන දිනවල පැවැත්වීමට නියමිතය. 



අදහස් (0)

මියන්මාර මැතිවරණය සංදර්ශණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 630 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site