IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මැතිසබේ ලොකු සද්ද මතුවන පිළිසකර කටයුතු අවසන් කරන්න නියෝග

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවට නිවාඩු දී ඇති කාල සීමාවේදී   ලොකුවට  ශබ්දය මතුවන පිළිසකර  කටයුතු සියල්ල  අවසන් කරන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන් එහි ප්‍රතිසංස්කරණ කටයුතු භාරව කටයුතු කරන හමුදා නිලධාරීන්ට උපදෙස්දී ඇත.

පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී ලොකු ශබ්දය මතුවන ප්‍රතිසංස්කරණ කටයුතු කළහොත් එය   රැස්වීම් කටයුතුවලට බාධාවක් වන හෙයින්  මෙම තීරණය ගත් බව එහි උසස් නිලධාරියෙක් පැවසීය

පාර්ලිමේන්තු සංකීර්ණයේ වැසිකිළි ඇතුළු ස්ථාන ගණනාවක ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල
වේගයෙන් සිදුකෙරේ. මේ  පිළිසකර  කටයුතු කරනු ලබන්නේ යුද හමුදා බට පිරිස් විසිනි.

පාර්ලිමේන්තුව පසුගිය 19 වැනිදා අවසන් වරට රැස්වූ පසු නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ජනවාරි මස 6 වැනිදාය.



අදහස් (1)

මැතිසබේ ලොකු සද්ද මතුවන පිළිසකර කටයුතු අවසන් කරන්න නියෝග

පන්සිළු Wednesday, 24 December 2025 12:48 PM

ඉස්සර පැවැති ආණ්ඩු හමුදාවන් යොදා යම් යම් වැඩ කරනකොට එක්කෙනෙක් කට උල් කර කර අත ගුළි කරකර රටටම කිව්වා හමුදා ලවා කුළී වැඩ කරවා ගන්නවා කියලා. දැන් වැසිකිළි පවා හදවා ගන්නවා. රෑ දැනියෙල්... දවල් මිගෙල්...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site