(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන් පිරිසක් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නියෝග උල්ලංඝනය කරමින් දීමනා ගැනීමෙන් රජයට කෝටියකට ආසන්න පාඩුවක් වාර්ෂිකව සිදුවන බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් මූල්‍ය අංශවල විශේෂ අවධානය යොමුවී ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී
අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසුවේ ඒ ගැන තමා සොයා බලන බවයි.
රජයේ රජයේ ආයතනවල විධායක නිලධාරීන්ට හිමිවන 25000 ක විධායක නිලධාරී දීමනාව යම් නිලධාරියකු ගන්නේ නම් වෙනත් දීමනා ගැනීමට නොහැකි බව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛවල( 18(2015) EST/ 8/ ALLOW/ 03/ 121 ) පැහැදිලිවම සඳහන් වෙද්දි මෙම නිලධාරීන් පිරිස කාලයක සිට එම විසිපන් දහසේ දීමනාවට අමතරව තවත් දීමනා ගන්නා බව
වාර්තාවේ.
විධායක නිලධාරියෙකුට යම් ආයතනයකින් ලැබෙන දීමනාවල එකතුව 25000කට වඩා අඩු නම් එම දීමනා දෙකේ වෙනස පමණක් ගත හැකි බව චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්වන නමුත් මේ ආයතනයේදී එම නීතිය හරියාකාරව ක්‍රියාත්මක වී නැතැයි පැවසේ. මේ හේතුවෙන් රජයට වසරකට කෝටියකට ආසන්න පාඩුවක් සිදුවන බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අප අධ්‍යක්ෂ (මූල්‍ය) සරත් කුමාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ පිළිබඳව තමාට කරුණු දැක්විය නොහැකි බවයි.
මේ ගැන අපි පාර්ලිමේන්තුවේ තවත් නිලධාරියෙකුගෙන් කරුණු විමසුවෙමු.
එහිදී ඔහු පැවසුවේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක අනුමැතියදී ඇත්තේ විධායක නිලධාරීන්ට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව දීමනා ගෙවන ලෙස පමණක් බවයි.
මේ කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විගණන අංශ අවධානය යොමු නොකිරීම ගැනද මුදල් අමාත්‍යාංශ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මැතිසබේ මුදල් මගඩියක් සිදුවුණාදැයි හොයනවා