IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මැතිසබයේ නිවාඩුවෙන් කෝටි හතරක ලාභයක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තුවේ  කාර්ය මණ්ඩලයට අයවැයෙන් පසු දීර්ඝ නිවාඩුවක් ලැබී ඇති හෙයින් එම කාල සීමාවේදී රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් ඉතිරිවන බව  ගණන් බලා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ආහාර, විදුලි සහ ජල සැපයුම් වියදම් ඇතුළු  නොයෙකුත් වියදම්  අඩුවීම හේතුවෙන් මෙම මුදල මෙසේ ඉතිරි වනු ඇතැයි සඳහන්වේ.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දෙසැම්බර් මස 22, 23, 24 සහ  26 දිනවල නිවාඩු ලැබී ඇත.  මේ අනුව කාර්ය මණ්ඩලයට සති අන්ත අනිවාර්ය නිවාඩු දිනද ඇතුළුව ලැබෙන අඛණ්ඩ නිවාඩු සංඛ්‍යාව නවයකි.

මේ අතර පාර්ලිමේන්තුවද පසුගිය 19 වැනිදායින් පසු නැවත රැස් වන්නේ ජනවාරි මස 6  වැනිදාය.



අදහස් (2)

මැතිසබයේ නිවාඩුවෙන් කෝටි හතරක ලාභයක්

සම්පත් Wednesday, 24 December 2025 12:39 PM

අප්පා එහෙමද?, ඉතින් දිගටම වහලා තිබ්බා නම් හොද නැත්ද? මොකද ආන්ඩුව කරන වැඩ බොහෝමයක් පාර්ලිමේන්තුවට හන්ගනවනේ...

:       3       9

Small man Wednesday, 24 December 2025 02:38 PM

රටට අවශ්‍ය නීති සම්පාදනය කරන්නේ තියෙන නීති සංශෝධනය කරන්නේ කවුද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site