IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


මැණික්හින්න රෝහල් ගෝරියෙන් ලෙඩා ගෙනා හතක් රෝහලේ

(ජේ.ඒ.එල්.ජයසිංහ)

මැණික්හින්න රෝහලට හදිසි රෝගීයකු  ඇතුළත් කළ අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගියා ඇතුළත් කිරීමට පැමිණි පිරිස අතර ඇතිවූ බහින් බස් වීමකින් පසු  රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් පහර දීමෙන් පුද්ගලයන් 7 ක් තුවාළ ලබා මහනුවර රෝහලට ඇතුලත් කර තිබෙි.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ දිගන පදිංචි පුද්ගලයන් හත් දෙනෙකි.

වෛද්‍යවරයකු සහ තවත් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් කීප දෙනකු රෝහලේ පුටුවලින් පවා පහරදීම් සිදු කළ බව පහර කෑමට ලක්වූවෝ පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලද දුරකතන පණිවුඩයක් අනුව මැණික්හින්න පොලිසයේ නිලධාරින් කණ්ඩායමක් පැමිණ දෙපාර්ශවයේ තුවාළ කරුවන් රෝහල් ගත කිරීමට පියවර ගනු ලැබීය.

මෙම කළහකාරී සිද්ධියේදී වාහන කීපකටද අලාභහානි සිදුව ඇති අතර , පොලීසිය රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් සහ පහර දීමට ලක්වූවන් ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

සිද්ධිය වන අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය බීමත්ව සිටියේ දැයි දැන ගැනීමට පරීක්ෂණ සිදු කරයි. 



අදහස් (3)

මැණික්හින්න රෝහල් ගෝරියෙන් ලෙඩා ගෙනා හතක් රෝහලේ

nimesh Monday, 29 April 2024 12:55 PM

දොස්තර මත්වතුර පානය කර සිටිනවා වීඩියෝවේ පේනවා. හැබැයි එක හංගනවා.

:       0       15

Chandana Monday, 29 April 2024 01:04 PM

ලෙඩාත් බඩුත් හාමුදුරුවන්ගේ නැහැ දොස්තරගේ

:       0       11

Prabha Monday, 29 April 2024 03:17 PM

හෙට ඉදන් වැඩ වර්ජනයක් කරයි ද දන්නේ නෑ

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

ඇස්ට්‍රාසෙනිකා ගත්තු අය බයවෙන්න එපා
2024 මැයි මස 14 1508 0

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවස


නිලධාරීන් පැමිණ නෑ: වීසා අවුලේ මුදල් කමිටු සාකච්ඡාව නවතී
2024 මැයි මස 14 1253 0

කටුනායක ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ ප


දිසා හතරකට නාය අනතුරු අඟවයි
2024 මැයි මස 14 184 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි


ඇස්ට්‍රාසෙනෙකා එන්නතින් දෝෂ ඇතැයි එම සමාගම පිළි ගනී
2024 මැයි මස 14 1285 0

ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් කොරෝනා එන්නතින් අතුරු ආබාධ ඇති වන බවට එම සමාගම බ්‍රිතන්‍ය මහාධිකරණ ඉදිරියේ පිළිගැනීමත් සමග එම එන්නත ගැන සැකයක් ඇතැ


ඉන්දියාව තවත් වසර පහක් කොටි තහනම් කරයි
2024 මැයි මස 14 233 0

එල්ටීටීඊ කොටි සංවිධානයට එරෙහිව ඉන්දියාව පනවා ඇති තහනම තවත් වසර පහකින් දීර්ඝ කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.


වැටලීම් ගැන සමාජ මාධ්‍යයට දැමූ දෙකක් රිමාන්ඩ්
2024 මැයි මස 14 1384 0

මුර සංචාර , මත්ද්‍රව්‍ය වැටලීම් හා රථ වාහන රාඡකාරිය කරන පොලිස් නිළධාරින් පිළිබඳව මහමග රැඳී සිටිමින් වට්ස් ඇප් සමාජ ජාලය ඔස්සේ අපරාධකරුවන් දැනුවත් කළ ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 699 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2224 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1914 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site