(ප්‍රසංග පෙරේරා සහ ගයාන් සූරිය ආරච්චි )
වයස මාස 09 ක ළදැරියක ළිං පතුළක මියගොස් සිටියදී ඊයේ (28) දින සොයාගත් බව මහබාගේ පොලීසිය පවසයි.
මහබාගේ රාගම හල්ලන්දුරුව ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් ළිඳක මියගොස් ජලය මත පා වෙමින් තිබියදී මෙම මළ සිරුර සොයා ගනු ලැබිණි.
මිය ගිය ළදැරිය හල්ලන්දුරුව රාගම ලිපිනයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගත් බව මහබාගේ පොලිසිය පවසයි.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මව විසින් නිවස අසල පිහිටි ළිඳකට බිළිඳිය විසිකර ඝාතනය කරන්නට ඇති බව පොලිසිය සැක පල කරයි.
දැරියගේ පියා වත්තල ප්‍රදේශයේ වාහන අංගනයක සේවය කරන බව ද පොලිසිය පවසයි.
ළදැරියකගේ අතුරදන් වීමක් සම්බන්ධයෙන් පොලීසියට ලද දුරකථන ඇමතුමක් අනුව පොලිසිය හා ප්‍රදේශවාසීහු එක්ව කළ සොයාබැලීමේ දී සීසීටීවී දර්ශන අනුව ළදැරියගේ මව විසින් ඇයව වඩාගෙන දැරිය මියගොස් සිටි ළිඳ පිහිටි නිවස දෙසට ගමන් කරන අයුරු නිරීක්ෂණ වී තිබේ.
ළදැරිය මියගොස් ඇති ආකාරය සැක සහිත බැවින් වැලිසර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කළ ස්ථානීය පරීක්ෂාවකින් පසුව දේහය පිළිබඳ පශ්චාත් අධිකරණය මරණ පරීක්ෂණයක් පැවැත්වීමට දේහය රාගම රෝහලට රැගෙන යන ලෙස පොලිසියට උපදෙස් දී ඇත.
සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මහබාගේ පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවස
සිය බිරිඳ මරා වැසිකිළි වළක දමා සැඟවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා වසර හතරකට පසුව අත්අඩංගුවට ගත් බව හිනිදුම පොලිසිය කියයි.
කටුනායක ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ ප
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි
ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් කොරෝනා එන්නතින් අතුරු ආබාධ ඇති වන බවට එම සමාගම බ්‍රිතන්‍ය මහාධිකරණ ඉදිරියේ පිළිගැනීමත් සමග එම එන්නත ගැන සැකයක් ඇතැ
එල්ටීටීඊ කොටි සංවිධානයට එරෙහිව ඉන්දියාව පනවා ඇති තහනම තවත් වසර පහකින් දීර්ඝ කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නව මස් ළදැරිය ළිං පතුලෙන් හමුවෙයි