(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පානදුර මාලමුල්ල පින්වල ප්‍රදේශයේ දි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරුවන් දෙදෙනා සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35 ක් නවීනතම ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා ජම්පටා වීදිය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලබන කුඩු සෙල්විගේ කණ්ඩායමේ ප්‍රධානතම පුද්ගලයෙකු වන පළවෙනි රෙමෝෂන් ක්ලෝරියන්ස් යන අයගේ හා ඩුබායිහී සිට මෙරට ජම්පටා වීදිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන අරවින්දි යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන ප්‍රධානතම ගෝලයන් බවත් පොලිසිය කියයි.
එම සැකකරුවන් දෙදෙනා විදේශ ගතව පලායාමට අවශ්‍ය ලිපි ලේඛන සූදානම් කරගෙන තිබූ බවට මූලික ප්‍රශ්න කිරීමේදී තොරතුරු අනාවරණය වු බව පොලිසිය කියයි. ඉකුත් 29වෙනි දින පානදුර මාලමුල්ල රණවිරු හේමන්ත මාවත ප්‍රදේශයේ කොටහළු මංගල්‍යය උත්සවයකදී මෙම වෙඩි තැබීම සිදු විය.
විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක
හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස
රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මාලමුල්ලේ වෙඩි තැබීමට දෙන්නෙක් අත්අඩංගුවට