IMG-LOGO

මාරවිල වෙඩි තැබීමේ සැකකරුවන් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

(ගයාන් සූරියආරච්චි)

මාරවිල, මැද නාත්තණ්ඩිය ප්‍ර දේශයේදී මවකට සහ පුතකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් කළ වෙඩි තැබීමෙන් එම මව මියගොස් පුත්‍රයා තුවාල ලබා රෝහල්ගත කිරීමේ සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් 5ක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

එම වෙඩි තැබීමෙන් නාත්තණ්ඩිය ප්‍ර දේශයේ පදිංචි චතුරානි එදිරිසිංහ නැමැති 30 හැවිරිදි කාන්තාවක මියගොස් තිබු අතර ඇයගේ අවුරුදු 10 ක පුත්‍රයා තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

මියගිය කාන්තාව සහ දරුවා නිවෙස අසලට ත්‍රි රෝද රථයකින් පැමිණ දුරකතන ඇමතුමක් ලබාගනිමින් සිටින අවස්ථාවේදී වෙඩික්කරුවන් වෙඩි තබා පලාගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල මහෙස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන සිදුකෙරේ.



අදහස් (2)

මාරවිල වෙඩි තැබීමේ සැකකරුවන් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

MDO Wednesday, 23 July 2025 09:34 PM

ඔච්චර ආරක්ෂක අංශ වලට කරදර හිරිහැර කරන්න ඵපා.රටේ සිවිල් වැසියන්ට කිසිම බයක් සැකක් නැතුව අද පාරේ බැහැලා යන්න පුළුවන් වාතාවරණයක් තියෙනවනේ.ආණ්ඩුව හරියට කරදර වෙනවා මිනිස්සු ගැන.පව් පුදුම මහන්සියක් ගන්නවද ජනතාවට සලකන්න.පව්

:       0       0

Perera Thursday, 24 July 2025 06:31 AM

කුඩු ජාවාරම්කාරයෝ උන් උන් මරාගත්තාම, පොලීසිය මොකටද පරීක්ෂණ පවත්වන්නේ ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 236 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site