IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි

(විමුක්ති එස් රුද්‍රිගු)

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10කට ආසන්න) ණය මුදලක් ගැනීමට උත්සාහ කළ කාන්තාවක් අත් අඩංගුවට ගැනීමට බ්‍රසීල පොලිසිය සමත් වී ඇත.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි එරිකා ඩි සෝසා නම් කාන්තාවකි. එරිකා රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුව රැගෙන විත් ඇත්තේ 68 හැවිරිදි පවුලෝ රොබෙර්ටෝ නම් පුද්ගලයෙකු බවත් දෙදෙනා ඥාතීන් බව මූලික විමර්ශන වලදී හෙළි වූ බවත් බ්‍රසීල පොලිසිය ප්‍රකාශ කළේය.

එරිකා පවුලෝ රෝද පුටුවක තබා ගනිමින් රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී පවුලෝගේ බෙල්ල පහළට කඩා වැටී ඇස් වැසී තිබීම හේතුවෙන් බැංකුවේ කාර්ය මණ්ඩලයට සැකයක් මතුව ඇති බවත් බ්‍රසීල පොලිසිය පැවැසුවේය.ණය අයැදුම් කිරීමේ කවුන්ටරය වෙත පැමිණ මාමේ ණය ගන්න අත්සන් කරන්න මට ඔයා වෙනුවෙන් අත්සන් කරන්න බෑ ණය ගන්න ඕනෑ නම් අත්සන් කරන්න යනුවෙන් එරිකා මළ සිරුරට ප්‍රකාශ කර ඇතැයි බ්‍රසීල පොලිසිය ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේදී බැංකුවේ කාර්ය මණ්ඩලයට සැක සිතී හදිසි ඇමතුම් අංකයට දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයි බ්‍රසීල පොලිසිය පැවැසුවේය .



අදහස් (1)

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි

පිටිගල මිලානෝ Friday, 19 April 2024 01:08 PM

ලංකාවෙත් ඉන්නවා ඇවිදින මළමිනියක් හිටපු ගමන් ප්‍රසිද්ධ මළගෙවල් වල සහ සමහර දේශපාලන උත්සව වලට රිංගන.

:       9       51

ඔබේ අදහස් එවන්න

දියත

ආර්ථිකය තාමත් ’’අතුරේ’’
2024 මැයි මස 02 50 0

රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ අතුරේ යන තත්ත්වයක බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කොල්ලුපිටියේ කොල්ලයට පොලිසියේ දෙකක් මාට්ටු
2024 මැයි මස 02 245 0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවෙසකින් රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලක් සහ එහි තිබූ ඩොලර් 3500 ක මුදල් කොල්


සරසවි අනධ්‍යන සේවකයෝ අඛණ්ඩ වර්ජනයක
2024 මැයි මස 02 98 0

වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (02) දහවල් 12.00 සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක


පරාටේ නීතිය තහනමට මුදල් කමිටුවේ අනුමැතිය
2024 මැයි මස 02 357 0

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.


ගම්පහට මී උණ අවදානමක්
2024 මැයි මස 02 277 0

මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගම් 15 ක මී උණ රෝගය වැළඳීමේ අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පියවර ගෙ


වීසා දෙන්න ඉන්දීය සමාගමකට දී මහ අවුලක් වෙලා
2024 මැයි මස 02 1421 4

කටුනායක ගුවන් තොටුපොළ තුළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙතෙක් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය ඉන්දීය පෞද්ගලික සමාගමකට පැව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 453 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1876 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1670 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site