IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මීළඟ ජනපති ගැන අනාවැකියක්

(අංජුල මහික වීරරත්න)

මීලග ජනාධිපතිවරණයේදී රටේ ජනාධිපතිවරයා බවට පත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය ලබා දෙන අපේක්ෂකයා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 

ජනතා විමුක්ති පෙරමුණ මිනීමරු සංස්කෘතියක් තිබෙන පක්ෂයක් බව පැවසූ ඇමතිවරයා පොහොට්ටුව කවදාවත් මිනීමරා නැති බවත් රටට වැඩ කළ  පක්ෂයක් බවත් සදහන් කළේය. 

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අත්තනගල්ල ආසන බල මණ්ඩලයට සහභාගී වෙමිනි.

 වේයන්ගොඩ අනුර බණ්ඩාරනායක රංග ශාලාවේදී මෙම බල මණ්ඩලය පැවැත්විණි. 

"අපි ඉදිරි කාලය තුළ ගමට ගිහින් අපේ පක්ෂය සහ අපේ පාක්ෂිකයින් තව තවත් ශක්තිමත් කරනවා. අපේ පාක්ෂිකයින්ට මින් ඉදිරියට කරදර හිරිහැර කරන අයට ඒවට පොලියත් එක්කම වන්දි ගෙවන්න වෙයි කියලා මං පැහැදිලිව කියනවා. මේක තර්ජනයක් විදිහට ගන්නත් පුළුවන්. අවවාදයක් විදිහට ගන්නත් පුළුවන්. අද ජේවිපි රැල්ලක් නැහැ. අපි කාටවත් ඕනි විදිහට නටන්න සුදානම් නැහැ. 

ලබන වසරේ අපි මැතිවරණයකට මුහුණ දෙනවා. සැප්තැම්බර් වන විට අපේ ආර්ථිකය තවත් ශක්තිමත් වෙනවා. රට ශක්තිමත් වුණාම අපි ඡන්දය ලබා දෙනවා. අපේ නායකයෝ යුද්ධයෙන් රට බේරා ගත්තා. කොවිඩ්වලින් රට බේරා ගත්තා. එහෙම පක්ෂයක් අපි. ඒ වගේම මං කියනවා, ඊලග මැතිවරණයේදී පොහොට්ටුව සමග එක්ව තරග කරන කෙනා තමයි ජනාධිපති වෙන්නේ. ඒ වගේම ඊළග ආණ්ඩුව පිහිටුවන්නෙත් අපි. ඔබේ සහයත් සමග අපි ඒක අනිවාර්යෙන්ම සිදු කරනවා.”යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.

 



අදහස් (18)

මීළඟ ජනපති ගැන අනාවැකියක්

Kumara Sunday, 23 July 2023 10:40 AM

ඔය කප්පම් කාරයින්නේ..!

:       2       13

sena Sunday, 23 July 2023 10:54 AM

ඒ කියන්නේ මේ සැරේ පොහොට්ටුවට තමන්ගේ කියලා ජනාධිපති අපේක්ෂකයෙක් වත් නැහැ... අනේ අපොයි..!

:       2       13

RANUKA Sunday, 23 July 2023 11:41 AM

කමක් නැහැ... අපි මාලිමාවට...!

:       6       18

Wasantha Sunday, 23 July 2023 12:08 PM

දවල්හීන තමයි කප්පන්ගේ..!

:       3       10

ගායා Sunday, 23 July 2023 12:45 PM

තර්ජන කරකර කයිවාරු ගහගහ හිටපිය මහ ලොකු චණ්ඩි. තාම හරියට වැවකින් නාලා නැහැ.

:       3       19

de silva Sunday, 23 July 2023 01:27 PM

පොහොට්ටුව රට වටේ දීලා රටම හාන්සි කරවපු පක්ෂයක්...! පොහොට්ටුවෙන් ආණ්ඩුව නියෝජනය කරන්නේ චොකාමල්ලි, දුමින්ද, ලන්සා වැනි අය... මහාපරිමාණ කප්පම්කාරයෙකුගේ කෝණයකින් බලනකොට මේවා ප්‍රශ්න නොවේ.

:       4       19

Priyantha Sunday, 23 July 2023 01:30 PM

ඉස්සර පැල් බැඳගෙන UNP එකට බැන්න එකා, දැන් ජවිපෙට බනින්න පටන් අරගෙන.. NPP දිනන බව සක්සුදක් සේ පැහැදිලි නිසා බයේ වෙවුලනවා.. විකල්ලෙන් මොරදෙනවා.

:       5       24

ගමේ එකාලා Sunday, 23 July 2023 01:34 PM

මහා ලොකු සුද්දවන්තයා... සුදුවෑන්, ඝාතන, අතුරුදහන් කරවපු හැටි දන්නේම නැහැ. රටේ ආර්තිකය මුළුමනින්ම විනාශ කෙරුවේ දූෂිත පවුල් පාලනේ අය සහ වටේ හිටපු හොර දූෂිත දේශපාලුවන්...

:       2       18

විජිත් Sunday, 23 July 2023 01:47 PM

වැඩිදුරක් යන්න අවශ්‍ය නැහැ මිනීමරුවෝ හොයන්න. ඔය සුරංගනා කතන්දර කියන අය හිරෙත් හිටියා!!! මම කියන්නේ බොරුද ?

:       3       16

Perera Sunday, 23 July 2023 01:49 PM

පාස්කු ප්‍රහාරය ගැන මෙයාට අමතක වෙලාද කොහේද?

:       3       16

දුලිප් Sunday, 23 July 2023 02:56 PM

අවසාන කාලේ විකාර කියවනවා. කව්ද ඕවා ගණන් ගන්නේ...? ඡන්දෙන් පස්සේ ආයේ පොහොට්ටුව මැකිලාම යනවා බයවෙන්න එපා. ආයේ කතා දෙකක් නෑ...!

:       1       13

sam Sunday, 23 July 2023 03:04 PM

අසව් අසව් තප්පුලනවෝ. ජම්පරේ අඳින්න වෙයි කියල‍ා බයේ ඉන්නේ...!

:       2       10

Mm Sunday, 23 July 2023 06:09 PM

අනේ පව්, මෙයා ආයෙත් එනවද බලමු... මොකද වෙන්නේ කියලා.. ඔයාට කව්ද දෙන්නේ... ආයෙත් රැවටෙන්නේ නැහැ ඔයාට...

:       0       7

swene Sunday, 23 July 2023 06:29 PM

පොහොට්ටුවේ සහාය ලබා ගන්න එක්කෙනා කියන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයෙක් කියන එක නොවෙයි නේද? අපි දන්නවා පොහොට්ටු හොර නඩයට කිසිම විදියක තර්ජනයක් නොවන්නේ රනිල්ගෙන් බව... ළඟම උදාහරණය, චාමරට ජනපති මොකද කළේ?

:       0       6

සල්ලි Sunday, 23 July 2023 08:39 PM

ගම්පහ ඉන්නේ අමු මෝඩයෝ බවට හොද උදාහරණයක් ....

:       0       2

Sarath Prrera Monday, 24 July 2023 02:49 PM

උසාවියකින් වරදකාරයා වෙලා ඳඬුවම් ලබාපු එකා ගිහින් තියෙන උඩ. අපිත්ගෙ බලාගෙන ඉන්නේ තොපිට ඡන්දය දාන්න තමයි.

:       0       3

Lakmal Tuesday, 25 July 2023 07:03 AM

තොපේ ඔය ඔක්කොම චණ්ඩිකම් චන්දයක් තියෙනකම් විතරයි සූකරයෝ.

:       0       1

Sumanakumara Tuesday, 25 July 2023 09:18 AM

මෙතන කමන්ට් වලින්නම් තොපිට චන්ද එකකවත් නැහැ අඟහරු ලෝකෙ චන්ද දායකයො චන්දෙට ගේන නිසා තමයි දිනන්නෙ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site