IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


මහා සුළගකින් පුත්තලමේ නිවාස 300 කට හානි

 

හිරාන් ප්‍රියංකර ජයසිංහ

පුත්තලම ඇතුළු ප්‍ර‍‍දේශ රැසක් හරහා අද ( 15 ) සවස හමා ගිය මහා සුළගකින් නිවාස 300 කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

ආපදා කලමනාකරණ ඒකකය පවසන්නේ මෙම සුළග ආණමඩුව , පුත්තලම ,කරුවලගස්වැව , නවගත්තේගම ,යන ප්‍රදේශ වෙත 15 සවස 4 ට පමණ හමා යාමෙන් බරපතල හානි සිදුව ඇති බවයි.

සුළි සුළගත් සමග නවගත්තේම ප්‍රදේශයට අයිස් වැස්සක් ද පතිත වී ඇති බව ජනතාව පවසයි.

ගස් ඉදිරී ගොස් නිවෙස් මතට කඩා වැඩි විශාල හානි සිදුව බව ජනතාව පවසයි.

එසේම මෙම සුළග හේතුවෙන් මාර්ගවල ගස් අධිබල විදුලි පද්ධති හා ග්‍රාමිය විදුලි පද්ධති මතට කඩා වැටිමේන් ගම්මාන 40 ක පමණ පවුල් 15000 කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය සම්පුර්ණයෙන් නැවති ඇති බව ආණමඩුව හා පුත්තලම විදුලි බල මංඩල නඩත්තු අංශ පවසයි .

සුළි සුළගින් සවස් වන විට නිවාස 300 කට ආසන්න සංඛ්‍යාවක් ආපදා සහන නිළධාරින් ,ග්‍රාම නිළධාරින් ගණන් බලා ඇතත් එය වැඩි විය හැකි බවද වාර්තා වේ .

සුළග හේතුවෙන් වගා බිම් රැසක් සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව ගොවියෝ පවසති.

එසේම නවගත්තේගම වේලේවැව ප්‍රදේශයේ දැවැන්ත ගොඩනැගිල්ලක වහලය දැවැන්ත යකඩ තාප්ප ද සමග මිටර් 200 දුරට ගසා ගෙන ගොස් තිබෙනු දැක ගත හැකිවිණි.

ආපදාවෙන් පිඩාවන්ට පත්වු පිරිස වෙත කඩිනමින් සහන සැලසිමට රාජ්‍ය නිළධාරින් කටයුතු කරමින් සිටි.



අදහස් (0)

මහා සුළගකින් පුත්තලමේ නිවාස 300 කට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1941 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1537 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 539 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site