
(ඤාණදාස රන්මුතු සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරය)
හික්කඩුව මුහුදේ කැනෝ වර්ගයේ යාත්‍රාවක නැගී මුහුදේ විනෝදවෙමින් සිටියදී එම යාත්‍රාව පෙරලී විදේශ සංචාරක යුවළක් සහ ඔවුන්ගේ අවුරුදු දෙක හමාරක් වයසැති කුඩා දරුවා මුහුදට ඇද වැටී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් අද දහවල් දොළහට පමණ බේරා ගත් බව හික්කඩුව සංචාරක පොලීසිය පවසයි.
මෙම විදේශ සංචාරකයන් පිරිස අනතුරකට ලක්වී ඇති බව දුටු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් වහා මුහුදට පැන මීටර් හාර සියයක් පමණ දුරක් පීනා ගොස් අනතුරට ලක්ව සිටි එංගලන්ත ජාතික විදේශීය සංචාරකයන්ගේ ජීවිත ජීවිත බේරා ගත් බව එම පොලිස් නිලධාරීන් අප සමග පැවසුවේය.
පොලිස් නාවික කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක හේවගේ, උප පොලිස් පරීක්ෂක සිරිමල්, පොලිස් කොස්තාලප්වරුන් වන සමන් ( 81212) හුලංගමුව ( 87306) යන පොලිස් නිලධාරීන් සහ ඒ.එන්.පී.ලංකා සහ ඩබ්ලිව්. එන්.එම්.ඒ.අයි.වන්නිනායක යන වෙරළ ආරක්ෂක නිලධාරීන් විසිනි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1051
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ මුහුදට වැටුණු සුදු යුවළ බේරා ගැනෙති
කසුන් Wednesday, 19 April 2023 03:48 PM
පොලිස් ජීවිතාරක්‍ෂක නිලධාරීන්ට 1500CC තරමේ වත් එන්ජින් ධාරිතාවක් ඇති Jet Ski වැනි දිය මත යන මෝටර් සයිකල් ලබා දෙන්න. ගිලෙන ජීවිත වඩා ඉක්මනින් රැක ගැනීමට එය උපකාරී වනු ඇත. එසේම පිහිනා යන අතරතුර ජීවිතාරක්‍ෂක නිලධාරීන්ට විය හැකි අනතුර ද අවම කර ගත හැකි ය. ඔවුන් ද අඹුදරුවන් සහ මාපියන් රකින මිනිසුන් නිසාවෙනි. සංචාරක කර්මාන්තය දියුණු කරන්නට සැබෑ උවමනාවක් ඇත්නම් මේ සඳහා යන වියදම ඉතා සුළු වියදමක් පමණි.
පැරකුම්Wednesday, 19 April 2023 09:01 PM
ඔබේ අදහස් ඉතා කාලෝචිතයි. අපේ දේශපාලුවන්ට ඒවා නොවැටහීම අපේම අවාසනාවයි.
සෙනරත් Wednesday, 19 April 2023 05:57 PM
හම්මෝ, යාන්තම් සුදු නංගිව බේරාගෙන...
දිය කිදුරා Wednesday, 19 April 2023 06:16 PM
සංචාරක ව්‍යාපාරයට අත - හිත පුරාවටම ලකුණු. ඇත්තෙන්ම විශිෂ්ඨයි.
D.T.G.PUSHPA KUMARA DINGA THANTHIRIGE Thursday, 20 April 2023 09:04 AM
නියමයි. ශ්‍රෙෂ්ඨ වැඩක්