(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ "නිකුතු සුරක්ෂිතාගාරයේ " තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් එම අංශයේ එදින සේවය කළ 15 කු ගෙන් පමණ පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගත් බව කොටුව පොලිසිය කියයි.
ඊට අමතරව සීසීටීවී දර්ශන රැසක් ලබා ගෙන ඒ ඔස්සේ ද විමර්ශන සිදුකරන බව පොලීසිය කියයි.
රුපියල් ලක්ෂ 50 ක් අඩංගු මුදල් බණ්ඩලයක් අස්ථානගතව ඇති බවට මහ බැංකුවේ වෝහාරික මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී ඒ. ආර්. දයානන්ද මහතා පැමිණිල්ල සිදුකර ඇත.
මහ බැංකු ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි නවීන තාක්ෂණයෙන් යුත් ආරක්ෂිත කැමරා සවිකර ඇති භූගතව තිබෙන තෙවන මහලේ රාක්කයක තිබී මෙම මුදල් බන්ඩලය අස්ථානගත වී ඇති බව ලද පැමිණිල්ලෙන් පැවසෙන බව පොලීසිය සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මහ බැංකුවේ ලක්ෂ 50 ගැන සේවකයන්ගෙන් ප්‍රශ්න කරයි
විජේ Wednesday, 12 April 2023 05:07 PM
කරුණානායකගෙන් අහලා බලන්න..
Nihal6 Wednesday, 12 April 2023 06:02 PM
එක රටක බැංකුවක් මංකොල්ල කාල ඒකෙ ලොක්කා වෙන රටකට පැනලා ගියා. ඒ බැංකුව ගැන නෙවෙයි නේද මේ කියන්නේ.
Asela Wednesday, 12 April 2023 06:21 PM
කවුද මහ බැංකු හොරා...?
Nathalie92 Wednesday, 12 April 2023 06:47 PM
යකඩ මල්ලට ගුල්ලො ගහල නම් පුලුන් මල්ල ලිහන්නෙ නැතුවම විසි කරපන්. අනේ උට්ටෝ , අපටද ඕව කියන්නෙ ??
chandima Thursday, 13 April 2023 04:20 AM
යටින් උමගක්වත් තියෙනවද බලන්න? ඒක කාලයක් ප්‍රභූ වරුන්ට පළා යන්න වරායට උමගක් තියෙනවා කිව්ව නේද? මෙයාඒක දික් කළාවත්ද?
Kumara Thursday, 13 April 2023 10:46 AM
කාගෙන්වත් අහන්න ඕනෑද?
fairoos Thursday, 13 April 2023 04:43 PM
රනිල් ඇවිල්ලා ගියාද කියලත් බලන්න...