IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහ බැංකුවට හයිය දෙන්න යයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මහ මහ බැංකුවේ කටයුතුවලට බාධා කිරීම වැළැක්වීම සහ  පරිපාලනමය සහ මූල්‍ය ස්වාධීනත්වයක් ලබා දීම සදහාවූ ‘ශ්‍රී ලංකා මහබැංකුව’ පනත් කෙටුම්පත සභානායක අමාත්‍ය  සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට  අද (07) ඉදිරිපත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට සැම විටම ගරු කරනු ලැබිය යුතු අතර කවර හෝ තැනැත්තකු  මහ බැංකුවේ අධිපතිවරයාට හෝ පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන්ට හෝ මහ බැංකුවේ සේවා නියුක්තයන්ට ඔවුන්ගේ බලතල කාර්යය සහ කර්තව්‍යය ක්‍රියාත්මක කිරීමේදී කවර හෝ බලපෑමක් කිරීම හෝ මහ බැංකුවේ කටයුතුවලට බාධා කිරීම හෝ නොකළ යුතු බවද  පනත් කෙටුම්පතේ සඳහන් වෙයි.

එ‍සේම දේශීය මිල ස්ථායිතාව අත්කර ගැනීම සහ පවත්වාගෙන යාමත් මූල්‍ය පද්ධති ස්ථායිතාවය සුරක්ෂිත කිරීම  මහ බැංකුවේ ප්‍රධාන අරමුණ විය යුතු බවටත් පනත් කෙටුම්පතේ සදහන් වේ.

ඊට අමතරව මහ බැංකුවේ කටයුතුවල  පරිපාලනය සහ කළමනාකරණය අධීක්ෂණය කිරීම සහ මුදල් ප්‍රතිපත්තිය නොවන මහ බැංකුවේ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීමේ වගකීම පැවරුණු ‘පාලක මණ්ඩලයක්’ පිහිටුවීමද මෙම  පනත මගින්  සිදුකෙරේ. එහි සභාපතිවරයා මහ බැංකුවේ අධිපතිවරයා විය යුතු අතර විශේෂඥ දැනුමක් ඇති සාමාජිකයන් හය දෙනෙකුද ඊට පත් කෙරෙනු ඇත.



අදහස් (2)

මහ බැංකුවට හයිය දෙන්න යයි

Buddika Tuesday, 07 March 2023 07:10 PM

ඒ කොහොමද ?ඔය හයිය දෙන්නේ කුණුහරුප භාවිතය තුලින්ද?

:       0       0

Lalla Tuesday, 07 March 2023 08:04 PM

එතකොට අධිපති ගේන්නේ ඇමරිකාවෙන් ද? රුසියාවෙන්ද?. මොකද මෙහේ අය කොහොමත් කාගේ හරි හෙන්චයියෙක්ම වෙනවා නියතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site