IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහ පාරේ රේස් පැද්ද 16ක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

කඩුවෙල පොලිස්බල ප්‍රදේශයේ ස්ථාන හතරක මහජනයා අනතුරේ හෙළමින් සහ අපහාසුතාවට පත්වන අයුරින් අපරික්ෂාකාරි ලෙස තනි රෝදයෙන් යතුරුපැදි රේස් පැද්ද යතුරුපැදි 16 දෙනකු පොලිසිය බාරයට ගත් බව කඩුවෙල පොලිසිය කියයි.

මෙම තරුණයන්  වැලිවිට පාර, වැවපාර, චන්ද්‍රිකා කුමාරතුංග මාවත, මිලේනියම් ඩ්‍රයිව් පාර, යන ප්‍රදේශවල මහජනය අනතුරේ හෙළමින් තරුණ පිරිසක් යතුරු පැදිවලින් රේස් පදින බවට කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතාට එම ප්‍රදේශ වල ජනතාව කළ දැනුම් දීම් අනුව පොලිසියේ ජිප් රථ, යතුරු පැදි, ත්‍රිරෝද රථ යොදවා නිලධාරීන් කණ්ඩායමක් යොදා ප්‍රදේශ වටලා මෙම යතුරු පැදි පොලිස් බාරයට ගෙන ඇත.

පොලිස් නිලධාරීන් මුලින්ම වැලිවිට ප්‍රදේශයට ගිය අවස්ථාවේ සැකකරුවන් පොලිසිය දැක පලා ගොස් ඇති අතර, පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් නික්ම යන අවස්ථාවේ ඔවුන් යළිත් එම ප්‍රධාන මාර්ගයට පැමිණ නැවත රේස් පැදීම ආරම්භ කළ බව පොලිසිය කියයි.

මෙහිදී පොලිස් නිලධාරීන් යතුරු පැදි නවත්වන ලෙසට සංඥා කළ සැකකරුවන් එම සංඥා නොතකා යළිත් යතුරු පැදි ධාවනය කරමින් සිටියදී පොලිස් නිලධාරීන් අදාල ප්‍රදේශ වටකර රේස් පැද්ද සියලු යතුරු පැදි පොලිසිය බාරයට ගෙන ඇත.

 



අදහස් (2)

මහ පාරේ රේස් පැද්ද 16ක් මාට්ටු

චේතිය කුමාර Tuesday, 18 July 2023 10:41 AM

මෙහෙම කරන එවුන් තමයි අන්තිමේ පාතාල නායකයො කුඩුරජවරු මංකොල්ලකාරයො වෙන්නෙ කියලා කියන්න අවශ්‍ය නැහැ මොවුන්ට උපරිමයෙන් දඩුවම් දියයුතුය ඒත් නිවසක හොරකමක් කලා කියල ගෙහිමියා පැමිණිලි කලාම සැක කරුගෙන් සන්තෝසම් අරගෙන කුඩුතිබුනා කියලා උසාවි ගෙනගියොත් විත්තිකරුගේ නීතිවේදීන් මූ කුඩුවලට සම්බන්ධ නැහැ මූ අහිංසකයෙක් කිව්වම ඉතින් නිදොස් කොට නිදහස් තමයි

:       0       9

AsankaTuesday, 18 July 2023 07:54 PM

ඔබ එහෙම කීවට මේ මහපාරේ යතුරුපැදි වලින් සෙල්ලම් දාන එවුන්ට පක්ෂව කොපමණ ප්‍රමාණයක් අදහස් පලකරනවද කියලා බලන්න තිබ්බා යූ ටියුබ් එකේ මේ නිව්ස් එක බැලුවානම්. විශාල පිරිසක් ඉන්නවා මේවා අනුමත කරන එකයි වරද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site