රන්න චන්ද්‍රසේන ගමගේ
මහමඟ දමා ගිය වයෝවෘද්ධ මවක ප්‍රදේශවාසීන් විසින් කවා පොවා නහවා අලුත් ඇඳුම් ද අන්දවා පොලිසියට බාරදීමේ සිද්ධියක් මිද්දෙනිය තබලපැලැස්ස ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මිද්දෙණිය පොලිස් වසමට අයත් තලාව තබලපැලැස්ස ප්‍රදේශයේ මහමඟ දමා ගිය මවක මෙලෙස ප්‍රදේශවාසීන්ගේ සත්කාර මැද පොලීසියට බාර දුන් බව මිද්දෙණිය පොලිසිය පවසයි.
තලාව ඇඹිලිපිටිය මාර්ගයේ තබලපැලැස්ස ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ සිටි කාන්තාව ඊයේ (19) අලුයම නිවැසියන් විසින් දැක ඇයගෙන් තොරතුරු විමසා තිබේ. එහෙත් තමන් ගැන පැහැදිලි තොරතුරක් දෙන්නට ඇයට නොහැකි වී ඇත. පසුව තබලපැලැස්ස ප්‍රදේශයේ ජනතාව ඇයට උපකාර කරන්නට ඉදිරිපත් වූහ.
කාන්තා පිරිසක් මෙම වයෝවෘද්ධ මව නිවසකට රැගෙන ගොස් නහවා පිරිසුදු කළහ. අලුත් ඇඳුම් ද, ආහාර ද ඇයට ලැබිණි. කාන්තාවන් කිහිප දෙනකුම එම මවගෙන් තොරතුරු විමසුව ද ඇයට තමන් ගැන යමක් කියන්නට මතකයක් නොවීය.
මිද්දෙණිය පොලිසියේ නිලධාරි පිරිසක් ද තබලපැලැස්සට පැමිණ මවගෙන් තොරතුරු විමසූහ. පොලිස් නිලධාරීන්ට ද තොරතුරු දෙන්නට එම වයේවෘද්ධ මවට මතකයක් නොවිණි.
පොලිසිය පැවසුවේ කවුරුන් හෝ පිරිසක් මෙම මව මෝටර් රථයකින් රැගෙන විත් මහමඟ දමා යන්නට ඇති බවයි. මහමඟ දමා ගිය මව වරින් වර දරුවන් දෙදෙනකු ගැන සඳහන් කළ බව ද පොලිසිය කියයි. මළ පහ පවා තැවරී සිටි එම වයෝවෘද්ධ මව සෝදා උපකාර කිරීමට තබලපැලැස්සේ ජනතාව ඉදිරිපත් වූ බව පොලීසිය කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මහ පාරට වැටුණු මව් සෙනෙහස
ලුම්බිණි Thursday, 20 April 2023 06:59 AM
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
fairoos Thursday, 20 April 2023 12:36 PM
ඉතාම කනගාටුයි මේ අවුරුදු සමයේ මෙහෙමත් කාලකන්නි .උදවු උපකාර කරපු අයට පින්
නිකිතා Thursday, 20 April 2023 01:28 PM
අම්මේ මේ දරුවන් අම්මලාට මෙහෙම සලකන්නේ ඇයි. අම්මලා කවදාවත් මේ දරුවන්ට කියලා දීලා තියේද දෙමව්පියන්ගේ වටිනාකම. වැඩිහිටියන්ට සැලකීමේ වටිනාකම . අම්මලාගේ බලාපොරොත්තුව උනේ කොහොම හරි තියෙන ඔක්කොම විභාග ටික දරුවෝ ඉහලින් සමත්වෙලා විශ්වවිද්‍යාලයට යවල ඉහලම රැකියාවක් කරනවා බලන්නයි. කෑම ටික, වතුර ටික ළඟටම ගෙනත් දීල පාඩම් කරන්න උදව් කෙරුවේ ඒ බලාපොරොත්තුවෙන්.දැන් ඒවා හරි ඇති. දැන් මේ වයසක අම්මලාගෙන් ඒ දරුවන්ට කරදරයි. ඒ නිසා තමයි අම්මලා මෙහෙම මහමගට ගෙනත් දන්නේ.දරුවන්ගේ මේ පහත් නින්දිත වැඩවලට අම්මලත් වග කියන්න ඕනේ.