(අංජුල මහික වීරරත්න)
මෙවර මහ කන්නයේ දී වී මිල දී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් කිරීමට රජය තීරණය කරන ලද බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
වී අලෙවි මණ්ඩලය මගින් මෙවර වී මිලදී නොගැනීමටද තීරණය වී තිබෙි.
මෙවර වී මෙට්‍රික් ටොන් 66,000ක් මිලදී ගැනීමට නියමිතය.
මහ කන්නයේ වී මිල දී ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ පිළිවෙළ පිළිබඳව කරුණු විමසමින් පුත්තලම ගොවි නියෝජිතයින් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
රජය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් මිල දී ගන්නා වී සහල් බවට පත් කර අඩු ආදායම් ලාභී පවුල් සඳහා මාස දෙකක් එක් පවුලකට කිලෝ 10ක් බැගින් නොමිලයේ ලබා දීමට ද රජය තීරණය කර ඇත.
මහ කන්නයේ වී මිල දී ගැනීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් තමන් ද, මුදල් අමාත්‍යාංශය ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දෙකක් ඉදීරිපත් කළ බවත්, මුදල් අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව ඊට අනුමැතිය හිමි වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මහ කන්නයේ වී ගැනීමේ වගකීම දිස්ත්‍රික් ප්‍රා:ලේකම්ලාට