(අංජුල මහික වීරරත්න)
2023/24 එළැඹෙන මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන්ට වවුචර් පත් නිකුත් කිරීමට කටයුතු නොකිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මෙම යල කන්නයේ දී රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් ගොවීන්ට වවුචර්පත් සහනාධාරයක් වශයෙන් බෙදා දීමට පියවර ගත්තේය.
ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් වශයෙන් යල කන්නයේ වී වගා කරන සියලුම ගොවීන්ට සහනාධාර මුදලක් වශයෙන් වවුචර්පත් නිකුත් කිරීමට පියවර ගත්තේය.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව රටේ සමස්ත වී ගොවීන් සංඛ්‍යාව ලක්ෂ 12කි. මින් ගොවීන් 5,34, 433කට ජුලි මස 04 දින වනවිට වවුචර්පත් නිකුත් කර තිබූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි .
යල කන්නයේ දී වී වගා කළ ගොවීන් ප්‍රමාණය හත් ලක්ෂ දාහත්දහසකි. ඉන් පන් ලක්ෂ තිස්හතර දහස් හාරසිය තිස්තුනකට මේ වනවිට වවුචර්පත් නිකුත් කර තිබෙන බව අමාත්‍යාංශය කියයි.
මෙම සමස්ත වවුචර් ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 11කි.
වවුචර්පත් බෙදා හැරීමේ දී පවතින ප්‍රායෝගික ගැටළු හේතුවෙන් මින් ඉදිරියට වවුචර්පත් නොදීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි.
ඒ වෙනුවට ලබන මහ කන්නයේ දී ගොවීන්ට තම අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ගිණුම් වලටම මුදල් යෙදවීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ කන්නයේ පොහොර සල්ලි ගිණුමට
Chamidu harshana Saturday, 24 August 2024 11:37 PM
සල්ලි දාන්නේ කවද්ද?