IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහ කන්නයට කෘමිනාශක-වල්නාශක බෙදෙන්නේ මෙහෙමයි

 

(අංජුල මහික වීරරත්න)

මහ කන්නයේ දී වී වගාව හා අනෙකුත් වගාවන් සඳහා අවශ්‍ය වන කෘමි නාශක හා වල් නාශක දිවයින පුරා පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ බෙදා හැරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ගොවි නියෝජිතයින් සහ කෘමිනාශක හා වල්නාශක බෙදා හරින සියලුම පෞද්ගලික  සමාගම් සමඟ කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ   සාකච්ඡාවකදී  අදාල වැඩපිළිවෙලට  එකඟත්වය පළ වී තිබෙි.

දැනට වෙළෙඳ පොළේ කෘමිනාශක හා වල් නාශක ඉතා ඉහල මිල ගණන්වලට අලෙවි කරන බැවින් එම තත්ත්වය වලක්වා ගොවීන්ට  අවම මිලකට ඒවා මිල දී ගැනීමට පහසුකම් සැලසීම සඳහා මෙම පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව වී හා අනෙකුත් වගාවන්ට අවශ්‍ය කෘමිනාශක හා වල් නාශක ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතු මුදල් වලින් අත්පිට මුදලට පෞද්ගලික අංශයෙන් මිල දී ගෙන සමාගම්වලින් දෙන වට්ටම අනුව මිල අඩු කිරීමක් යටතේ ගොවි ජනතාවට ලබා දීමට නියමිතය බව අමාත්‍යාංශය පවසයි.

මෙි අනුව ගොවීන්ට අවශ්‍ය කෘමිනාශක හා වල් නාශක දිවයින පුරා ඇති ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථාන 566කින් මගින් මිල දී ගැනීමට හැකි බව අමාත්‍යාංශය සඳහන් කරයි.

වල් නාශක හා කෘමිනාශක ගොවි ජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ බෙදා හැරීමේ වැඩපිළිවෙළ සතියක් හෝ දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත  කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.



අදහස් (1)

මහ කන්නයට කෘමිනාශක-වල්නාශක බෙදෙන්නේ මෙහෙමයි

sena Monday, 07 November 2022 01:47 PM

මෙකක්දෝ ගේම් එකකට ලෑස්ති වෙනවා. අත්පිට මුදල් ,වට්ටම් වගේ වචන හැමවෙලාවෙම. ඇමතිවරයාගේ සාක්කුව පිරීම හා සම්බන්ධ වචන කිහිපයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site