IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහ කුඩු ජාවාරමකු ඇතුළු 15ක් වරකාපොළදී මාට්ටු

(රුවන් පතිරණ,ගයාන් සූරියආරච්චි සහ යොහාන් භාසුර)

ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු  කුඩු රොෂාන් හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ඔහුගේ සහෝදරයකු හා ඥාතීන්  පිරිසක්, සුඛෝපභෝගී වෑන් රථයක් හා මෝටර් රථයක්  හෙරොයින්  අත් අඩංගුවට ගත් බව වරකාපොල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයන් 10 දෙනකු ,කාන්තාවන් 05 දෙනකු සිටින බව පොලිසිය කියයි.  ඔවුන් සමග ආ දරුවන් 08 දෙනකු  ද ඔවුන් සමග සිටියි.

මෙම පිරිස යුක්තියේ මෙහෙයුම ආරම්භ වනවාත් සමග මට්ටක්කුලිය ප්‍රදේශය අතහැර නුවරඑළිය ප්‍රදේශයට ගොස් එහි දින කීපයක් ගතකර නැවත  යුක්තියේ මෙහෙයුම තාවකාලික නවතා ඇති බව දැනගත් පසු මෙහෙයුම නැවත ආරම්භ වන බව නොදැන නැවත මට්ටක්කුලිය බලා පිටත්ව යමින් සිටියදී වරකාපොල පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට  සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණ .

අනතුරුව පොලිස් සුනඛයන් යොදවා  අත්අඩංගුවට ගත් වාහන පරීක්ෂා කිරීමේදී  අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා මිශ්‍ර මාවා පැකට් කිහිපයක් පොලීසිය විසින් සොයාගෙන 

පසුව මෙම පිරිස සම්බන්ධයෙන් දත්ත තොරතුරු පරීක්ෂා කිරීමේදී ඉන් පිරිමි පුද්ගලයන් 04 දෙනකු හා කාන්තාවන් 03 දෙනකු විෂ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නන් හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් බවට  තහවුරු කරගෙන ඇති බවද පොලිසිය පවසයි.

 

 



අදහස් (1)

මහ කුඩු ජාවාරමකු ඇතුළු 15ක් වරකාපොළදී මාට්ටු

Nimal Thursday, 28 December 2023 08:27 AM

කුඩු බෙදුවට මේ අයට ගොන් තමයි... මොකද ඉගෙන ගත්තා කියලා එකක් යෑ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site