IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහව කාර්යාල දුම්රියේ ගින්නක්

(රේඛා තරංගනී ෆොන්සේකා)


මහව සිට කොටුව දක්වා උදෑසන හතරයි හතලිස්පහට ගමන් ඇරඹු මහව කාර්යාල දුම්රිය බුද්ගමුවේදී ගිනි ගැනීමකට ලක් වු බව දුම්රිය ප්‍රකාශකයෙකු පැවසීය.


ගිනි ගැනීමේදී ජීවිත හානි කිසිවක් වාර්තා නොවු අතර මේ පිළිබඳව දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩිලන් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ  පැය භාගයක් ඇතුළත  ඇති වු තත්ත්වය සාමාන්‍ය අතට හැරවු බවයි.


දුම්රිය ධාවනය මෝටර් හතරක ආධාරයෙන් සිදුවන බව පෙන්වා දෙන ඒ මහතා ගිනි ගැනීම සිදුව ඇත්තේ එක් මෝටරයක විදුලි වයරයේ බව පැවසීය.


එම මෝටරයෙන් දුම්රිය එන්ජිමට සපයවන බලය අක්‍රීය කර මෝටර් තුනෙන් දුම්රිය ධාවනය කළ හැකි බව සඳහන් කළ ඒ   මහතා මේ වනවිට කාර්මික දෝෂය  නිසා ඇති වු ගින්න පාලනනය කර ගනිමින් දුම්රිය කොටුව දුම්රිය ස්ථානයට ළඟා වෙමින් තිබෙන බවද වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

මහව කාර්යාල දුම්රියේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site