IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මහවැව නගරයේදී අලුත්ම තාලේ විරෝධතාවක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ඔගස්ටින් ප්‍රනාන්දු)

කොරෝනා එන්නත් ලබා දීමේදී පුත්තලමට අඩු සැලකිලි දක්වන බව කියමින් අලුත්ම ආකාරයේ උද්ඝෝෂනයක් මහවැව නගරයේදී පැවැත්විණි.

කොරෝනා වසංගතය නිසා පොදු ස්ථානවලට එක්වීම සහ උද්ඝෝෂණ පැවැත්වීම අනතුරු දායක බැවින් මිනිස් අනුරූ වල පොස්ටර් එල්ලා ( ඩමි) එම විරෝධතාව සංවිධානය කළේය.

මෙම මිනිස් අනුරූ විරෝධතාවය මහවැව නගර මධ්‍යයේ පිහිටි හෝරා ස්ථම්භය වටා සකසා තිබුණි .

එම අනුරුවල කෝවිඩ් එන්නත් ප්‍රමාද විමට දිස්ත්‍රික්කයේ දේශපාලඥයින්ට චෝදනා එල්ල කර පෝස්ටර් ප්‍රදර්ශනය කර තිබේනු දැක ගත හැකි විය.



අදහස් (14)

මහවැව නගරයේදී අලුත්ම තාලේ විරෝධතාවක්

බද්රානි Tuesday, 10 August 2021 01:09 PM

මම අහලා තියන විදිහට නම්, පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉතාම පිළිවෙලකට එන්නත් කරණය සිදුවෙනවා. එත්, සමහර අවස්ථාවලදී , "පුත්තලම් බුරුවෙක්" එන්නත් කරන මධ්‍යස්ථානවලට කඩා වදිනවා කියලත් ආරංචියි. සමහරවිට ඔක්සිජන් සොයාගෙන එනවද කියන්න දන්නේ නැහැ??

:       19       153

ගමේ එකාලා Tuesday, 10 August 2021 01:41 PM

පුත්තලම් බූරුවන්ව පත් කරපු අපිටමයි මඩු වලිගෙන් ගහගන්න වෙලා තියෙන්නේ...

:       1       121

sujeewa Tuesday, 10 August 2021 01:45 PM

මාස්කුත් දාලා...!!!

:       116       15

fairoos Tuesday, 10 August 2021 02:12 PM

මිනිස්සු පාරට බැස්සොත් ගුටි ඒ නිසා ඩමි දාලා

:       14       42

Kamal Tuesday, 10 August 2021 02:55 PM

පුත්තලම් බූරුවෝ පත් කරපු මන්ත්‍රීවරු හරිම බිසී මේව ගැන හොයන්න වෙලාවක් නෑ. වැලි වලින් කප්පම් ගන්න තියෙනව. පස් වලින් කප්පම් ගන්න තියෙනව. හෙන්චයියන්ට ඉඩම් බෙදන්න තියෙනව.

:       0       258

Rohana Tuesday, 10 August 2021 04:10 PM

සනී කියලා පුත්තලම් බූරුවෙක් ඉන්නවාද?

:       0       1

Raveendra Tuesday, 10 August 2021 04:28 PM

පළමුව අප මෙම උද්ගෝෂණ මෝස්තරය කලාව නවමගකට මෙන්ම එය නිර්මාණශීලි ලෙස තම විරෝධතාවය ඉදිරිපත්කිරීම හදවතින්ම ගරු කරන්නෙමු.මක්නිසාදයත් කාලකන්නි රතුහැට්ටකාරයන්ට මෙන්ම උන්ගේ ඇම්බැට්ටයන් වන අන්තරේ අන්දරේලාට පෝස්ටර් ඇදීමට මෙන්ම මහජනතාවට අවහිර වන ලෙස අසංවර, රස්තුයාදුකාරයන් ලෙස හැසිරීම , මහජන දේපොළ හානිකිරිම මෙමගින් සහමුලින්ම තිත තියා ඇති බැවිනි. අවංකව මධ්‍යස්තව හිතන පතන ඥාණය තිබෙන මිනිසුන් මෙහි සදහන් කරුණු පිලිබදව තම අවදානය යොමුකරනු නියතය.එසේ කරනුයේ මිනිසුන්ට මෙම විරෝධතාවයෙන් කරදරයක් අවහිරයක් නොවෙන බැවිනි. අවංක ඉල්ලීම් වෙනුවෙන් වුවත් මිනිසුන්ට කරදරවන ලෙස හැසිරෙන උද්ඝෝෂකයන්ට අහිංසක මහජනතාව සාපකරනවාය.එයයි යතාර්ථය. අවාසනාවකට කලුකුමාරයා ප්‍රමුක රතුචිත්තකාරයන් මෙන්ම උගත් පුතානොද මෙය නොදැන සිටීම කනගාටුවකි.

:       0       114

Vithana Wednesday, 11 August 2021 06:03 AM

ඔක්සිජන් කන්නද කියලා අහන අයව පාර්ලිමේන්තු යවපු පුත්තලම් බූරුවෝ දැන්වත් පිළිගත්තු එක හොඳයි ඔවුන් පුත්තලම් බූරුවෝ බව.

:       0       1

Bunny Preen Wednesday, 11 August 2021 08:41 AM

ආදර්ශයට ගත හැකි හොඳ ක්‍රියාවක්... මහජනයාටත් කරදරයක් නැහැ. පොලිසියටත් ඔලුවේ කැක්කුම පොඩ්ඩක් අඩුවෙයි.. පණිවිඩයත් අවශ්‍ය තැන්වලට යයි. ඒකනේ වෙන්න ඕනේ.

:       0       3

RaveendraWednesday, 11 August 2021 01:17 PM

ඇත්තෙන්ම අප සැම මෙය අගය කරන්නෙමු. මිනිසුන්ට කරදරයක් නැහැ. මහජන දේපළ වලට හානියකුත් නැහැ. උද්ඝෝෂණ කරන අන්තරේ ඉන්න අන්දරේලාගේ සහ බොරුවට මහජනතාවට ආදරේ යයි පෙන්වන දේශපාලුවන්ගේ සියලු දෙමාපියන්ට මිනිසුන්ගෙන් අසංවර වචන පිටවීමකුත් නැහැ.. ඒ ඒ මෑණියන්දලාට අවහිර පීඩා විඳින මහජනතාව විසින් පිං අනුමෝදම් කරන්නෙත් නැහැ. කොච්චර සීලාචාර ලෙස අවශ්‍ය තැන්වලට කිවයුතු පණිවිඩය යනවද.? මෙම උද්ඝෝෂණය සංවිධානය කළ සැමට යහපතක්ම වේවා..!!!.

:       0       0

ජයරත්න Wednesday, 11 August 2021 11:20 AM

රට පුරාම තත්වය නරක අතට හැරිල කියල වෛද්‍ය අංශ කියනව. ජීවිතේට ආසාවක් තියෙනව නම් ළගම පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයකට ගිහින් එන්නත ගන්නත් උදේ හවා කියනව. නමුත් වැඩේ තියෙන්නෙ පුත්තලම් දිස්ත්‍රීක්කයේ එහෙම තැනක් තියෙනවද කියලයි. එහෙම තියෙනව නම් පුත්තලම සාලියවැව පැත්තෙ ජනතාව එන්නත්කරණ තැන් හොය හොයා අනුරාධපුර පැත්තෙ යයිද? බලධාරින් හැකි ඉක්මනින් පුත්තලම් දිස්ත්‍රීක්කයේ මෙතෙක් එන්නත් නොකරපු ජනතාව කෙරෙහිත් අවධානය යොමු කරන්න.

:       0       3

දිසා....ගම්පහ. Wednesday, 11 August 2021 11:24 AM

කාලයට ගැලපෙන හොද විරෝධය පළ කිරීමක්. බෝවීමත් නැහැ. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අවශ්‍යත් නැහැ. ගුරු සංගම්වලටත් අනුගමනය කරන්නයි කියමු. පුත්තලම ජනතාව බුද්ධිමත් කියලයි කියන්න තියෙන්නෙ.

:       0       5

kotiya Wednesday, 11 August 2021 11:48 AM

මුන්ට මොලේ තියෙනවා විශ්ව විද්‍යාල වල උගන්නන උන්ටයි, ගුරුවරුන්ටයි, විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න උන්ටයි වඩා.

:       0       1

prajaWednesday, 11 August 2021 12:34 PM

මේ අය පාර්ලිමේන්තුවට පත්කරලා යවපු අයගේ හැටියෙන් මොලේ තරම පේනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 474 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2223 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site