IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහරගම රෝහලට ගෙනා කෝටි හතරේ යන්ත්‍රය පැත්තක දමලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වැය කොට මහරගම අපේක්ෂා රෝහල වෙත මිලදීගත් ස්වයංක්‍රීය එන්නත් කරන යන්ත්‍රය  අක්‍රීය වීමෙන් එන්නත් අපේක්ෂාවෙන් පසුවන රෝගීන් මාස හයක සිට දැඩි දුෂ්කරතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.

ඊට හේතු වී ඇත්තේ ස්වයංක්‍රීය එන්නත් කරන යන්ත්‍රයට යොදන එෆ්.ඩී.ජී නමැති ප්‍රතික්‍රියක රසායනික ද්‍රව්‍ය මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන් මුදල් ප්‍රතිපාදන ලබා නොදීම නිසා බව විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි.

ඒ හේතුවෙන් පිළිකා රෝගීන්ගේ රෝග විනිශ්චය හා ඊට අදාල ප්‍රතිකාර ක්‍රම සැලසුම්කරණ පෙට් ස්කෑනර් යන්ත්‍රය ද මේ වන විට සම්පූර්ණයෙන්ම පරීක්ෂණ කටයුතු නවතා දමා ඇති බවත් පිළිකා රෝගීන්ගේ පරීක්ෂණ නියමිත දිනට කර ගැනීමට නොහැකිව රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවත් පැවසේ.

මෙම යන්ත්‍රය රුපියල් මිලියන 40 හෙවත් කෝටි හතරකට ආසන්න මුදලක් වැය කොට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මිලදී ගෙන ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ පරිහරණය සඳහාය. එහෙත් වෙනත් රෝහල්වල ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු ද මේ තුළින් සිදුකර තිබුණි.

එහෙත් 2021 වසරේ සිට විටින් විට එම එන්නත් කරණය සඳහා භාවිතා කරන සම්බන්ධක කැතීටර සැපයුමට බාධා එල්ල වීම නිසා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් පමණක් නොව වෙනත් රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් ද දුෂ්කරතාවයට පත්ව තිබේ .

මේ අතර අදාල ගැටළුවට හේතුව එෆ්.ඩී.ජී ප්‍රතික්‍රීයක රසායනික ද්‍රව්‍ය මිළදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් නොලැබීම නිසා බව රෝහල් බලධාරීන් තමන් සමඟ පැවසූ බව ද විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි .



අදහස් (1)

මහරගම රෝහලට ගෙනා කෝටි හතරේ යන්ත්‍රය පැත්තක දමලා

Lalla Tuesday, 06 June 2023 06:50 AM

ඔය ද්‍රව්‍ය ගැන සෞඛ්‍ය සැපයුම් අංශ නිලධාරීන්ට දැනුම නැතිව විය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site