
(ෂේන් සෙනෙවිරත්න සහ යොහාන් භාසුර)
මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ හෘද කැතීටරකරණ ඒකක දෙකෙන් එක් ඒකකයක් මැයි මස 06 වැනි දින සිට සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බවත් අනෙක් යන්ත්‍රයද නඩත්තු මට්ටමේ පවතින බැවින් එම යන්ත්‍රය ද ඉදිරි කාලයේ බිඳවැටීමේ සම්භාවිතාවක් පවතින බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි .
දැනට බිඳ වැටීමට ලක්ව ඇති යන්ත්‍රය 2006 වර්ෂයේදී මහනුවර ජාතික රෝහලේ ස්ථාපනය කොට ඇති අතර එම යන්ත්‍රය සඳහා සේවා සපයන මව් සමාගම විසින් 2019 වර්ෂයේ දී මෙම යන්ත්‍ර සඳහා අමතර කොටස් සැපයීම නතර කරන බවට එහි සේවා සපයන දේශීය සමාගමට දන්වා තිබෙන බවද රවි කුමුදේශ් මහතා කියයි .
ඒ අනුව මහනුවර ජාතික රෝහලේ බලධාරීන් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කොට නව යන්ත්‍රයක් ලබා දෙන ලෙස දැනුම් දීමක්ද කර තිබෙන බවයි ඔහු කියයි .
මෙම එක් යන්ත්‍රයකින් දිනකට රෝගීන් 15-20 අතර ප්‍රමාණයක් පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු සිදු කළ බව පවසන්න රවි කුමුදේශ් මහතා පසුගිය වසරේ රෝගීන් 7200 ක ට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී සිට ඇති අතර එයින් විශාල ප්‍රමාණයකට පරීක්ෂණ සහ ප්‍රතිකාර කිරීමට අවස්ථාව නොලැබුණ බව ද කියයි .
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර හෘද ඒකකය අවදානමක
fairoos Tuesday, 30 May 2023 12:39 PM
කමක් නැහැ රනිල් පෝලිම් නැතිකළා නේද?පොහොට්ටුවේ කාලකන්නින් එකතුවෙලා රට කෑවා