IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මහනුවර ජාතික රෝහල් යකා නැටූ අයෙක් අත්අඩංගුවට

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර ජාතික රෝහල් පරිශ්‍රයට අනවසරයෙන් ඇතුළු වී එහි ආරක්ෂක  නිලධාරීන්ට තර්ජනය කරමින් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු රෝහල් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මහනුවර මූලස්ථාන පොලිසියට භාරදී තිබේ.

මහනුවර ජාතික රෝහලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඒ.ආර්. බණ්ඩාර මහතාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී පවසා සිටියේ අද (10) දහවල් 12.30 පමණ එම පුද්ගලයා යතුරුපැදියකින් රෝහල් පරිශ්‍රයට ඇතුළු වී රථ වාහන ගමන් කිරීමට අවසර නොමැති ස්ථානයකට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී එම පුද්ගලයා ආරක්ෂක නිලධාරීන් සමග බහින්බස් වී රාජකාරියට බාධා කරමින් හැසුරනන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එහි නිලධාරීන් පැමිණ එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රදීප් දිසානායක මහතා සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මහනුවර මූලස්ථාන පොලිසියට පිටත්ව ගිය බවද බණ්ඩාර මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියේ වැඩ බලන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මීට දින කිහිපයකට ඉහතදීද රෝහලේ ආරක්ෂක නිලධාරියෙකුට ත්‍රී රෝද රථ රියදුරෙකු පහරදී තිබූ අතර පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටි.



අදහස් (3)

මහනුවර ජාතික රෝහල් යකා නැටූ අයෙක් අත්අඩංගුවට

nimal Tuesday, 10 December 2024 04:14 PM

අර්ජුනට එක නීතියකුත් සාමාන්‍ය වැසියාට එක නීතියකුත් ඇයි?

:       23       24

ජිල්බු Tuesday, 10 December 2024 05:27 PM

ඇයි, අර්ජුන රණතුංග මොකද කරලා තියෙන්නේ...?

:       5       24

Venrix Tuesday, 10 December 2024 05:31 PM

අනිවාරෙන්ම මෙයා ජෙප්පෙක් වෙන්න ඇති?

:       33       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site