IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


‘‘මහින්ද ඉවත් කිරීම ජීවිතයේ ගත් අසීරුම තීන්දුවයි‘‘

(අජන්ත කුමාර අගලකඩ)

තම දේශපාලන ජීවිතයේ දී ගත් අසීරුම තීන්දුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් කිරීමට ගත් තීන්දුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

තමා එම අසීරු තීන්දුව ගත්තේ රට වෙනුවෙන් බවත්,රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමට තමා සූදානම් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මේ අතර, විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ තම කැමැත්තට අනුව බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කළේ ඔහු කෙරෙහි ඇති විශ්වාසයෙන් බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඒ විශ්වාසය මත පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද ඔහුට සහාය ලබාදෙන බව සඳහන් කර ඇත.

 



අදහස් (21)

‘‘මහින්ද ඉවත් කිරීම ජීවිතයේ ගත් අසීරුම තීන්දුවයි‘‘

Praba Tuesday, 31 May 2022 09:43 AM

මේ වගේ අවංක, නිර්භීත, තම නෑදෑයින්ට වඩා රට ගැන හිතන, දූරදර්ශී නායකයෙකුට නේද මේ කොල්ලො ගෝ හෝම් කියන්නෙ

:       115       92

nimalTuesday, 31 May 2022 11:31 AM

දූර දර්ශී බව පේනවා කොරලා තියෙන හරියෙන්..රට මෙච්චර ප්‍රපාතෙකට වැටිලා තියෙන කොටත් තම්න්ගේ සහෝදරයාට අයින් වෙන්න කියන එක ඔච්චරම අමාරු තීරණයක් නම් රටට මුන්ගේ තියෙන ආදරේ තරම පේනවා. හිතන්න එපා අපේ චන්දයක් තොපේ පොහොට්ටු ඇත්තන්ට මේ කපේදි ලැබෙයි කියලා

:       22       103

Demuni Uduwara Wednesday, 01 June 2022 05:07 AM

විහිළුවක් කළා... අපිට තේරුණේ නැහැ...!

:       0       6

Rata Perata Tuesday, 31 May 2022 11:27 AM

මම හිතුවෙ ලසන්ත වික්‍රමතුංග මැරීම , පොහොර එක දවසෙන් නවත්තල මිනිස්සු බඩගින්නෙ මැරෙන්න සැලැස්සීම වගේ ඒව තමයි. අමාරුම තීරණ කියල. දැන් බැලුවම අමාරුම තීරණයත් පවුල වෙනුවෙන්ම තමයි. හම්ම්

:       13       109

BamunuarachchiWednesday, 01 June 2022 06:55 AM

මහින්දට සමකරන්න ලසන්ත කවුද? ලසන්ත ඔහෙට ලොකු උනාට අපිට ලොකු නැහැ. ඔහු අපිට යුද්දයට ද්‍රෝහිවු කොටි නිවේදකයෙක්.

:       13       3

fairoosWednesday, 01 June 2022 05:06 PM

බමුණා පුළුවන් නම් ගාල්ලේ ඇවිල්ලා බලන්න.

:       2       6

BamunuarachchiThursday, 02 June 2022 08:22 AM

ආ හලෝ මක්කටැයි මම ගාලු යන්නේ? අනික මට ලංකාවේ ඕනෙම තැනකට යන්න පුළුවන්. මම ගම්මිරිස් හොයාගෙන ආපු කල්ලතොනියෙක් නොවෙයි. ලංකාවේ ඉපදුන සිංහල ජාතිවාදියෙක්. මට මෙරටේ කොහෙත් එකයි.

:       5       1

PrasheenThursday, 02 June 2022 11:01 AM

එතකොට කරුණා, පිල්ලෙයාන්ව ලඟට ගත්ත එක හොඳයිද?

:       1       1

THIVANGAWednesday, 01 June 2022 05:30 PM

බමුණා කියන්නේ කැප වෙච්චි බයියෙක්ද? මහින්ද කහඳගම වගේ...?

:       2       9

BamunuarachchiThursday, 02 June 2022 08:26 AM

හරියට හරි මම රටට කැප වෙච්ච සිංහල බයියෙක්. කොමිනිස් ක්‍රමය ඉම්පෝට් කරන්න හදන ජෙප්පෙක් නොවෙයි. චන්දෙ ගන්න දෙමළ මුස්ලිම් අය පක්ෂෙට ඉම්පෝට් කරන සජබයෙකුත් නොවෙයි.

:       3       1

Siril Tuesday, 31 May 2022 11:29 AM

අනේ ඔයාට කියන්න වචන එන්නෙ නෑ. වචන හිරවෙනව.

:       10       81

Bima Tuesday, 31 May 2022 11:40 AM

ඔය අමාරු තීන්දුව විතරක් නෙවෙයි. සමස්තයක් වශයෙන් පවුලේ සාමාජිකයින් ඔක්කොම මුලින්ම අයින් කලා නං අද ඒ අයත් සතුටින් ඉන්නවා. ඔය වගෙ විනාසයක් වෙන්නෙත් නෑ. මහින්ද මහත්තයත් ජාතික නායකයෙක් විදියට සදාතනික ගෞරවයට පාත්‍ර වෙනවා. අපි චන්දෙ දුන්නෙ දේශපාලනේ නොකරපු මිනිහෙකුට මේ රටේ ජනතාව එක්ක අලුත් ගමනක් යන්න මිසක් කපුටු පරම්පරාවක් එක්ක නිදියන්න නෙවෙයි.

:       13       98

JAYATH Tuesday, 31 May 2022 11:42 AM

ඝෝටගම කොල්ලෝ ටික නොහිටිය නම් රට ගැන හිතන හැටි බලාගන්න තිබුන කොහොමහරි අන්තිමට රනිල්ගේ නැට්ටේ එල්ලිලා හරි ටිකකට ගැල උනා. නැත්නම් බිත්තියටම හේත්තුවෙලා යන එන මං නැතුවනෙ. හිටියේ අන්තිමට පොර ටෝක් දිදී හිටපු කෙනා මට වැරදුනා කියන ගානට වැටුන නෙව. කොක්කෙකෙන්රි කෙකෙන් හරි ජනතාවට ඕන දේ වෙනවා නම් එච්චරයි ( මේක මම විතරක් කියපු එකක් නෙමි ලඟදි ඇමෙරිකානු තනාපතිනියත් කියල තිබුන දෙයක් )

:       16       101

Lalith Tuesday, 31 May 2022 11:46 AM

අපිටත් තව අසීරු තීන්දුවක් ගන්ඩ තියනව.

:       19       99

Ruwan R Tuesday, 31 May 2022 03:25 PM

ඔයා තීරණ ගන්නව නම් අපි දැක්කෙ නෑ. මිනිසුන්ගෙන් ගුටි කන්න වෙනවට ගිහින් හැංගුනා කියලනම් දැක්ක.

:       4       45

Nana Tuesday, 31 May 2022 03:32 PM

ඔබ ගත්තු තීරණයක් නෙවෙයි. තරුණ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ අරගලයයේ ප්‍රතිඵල. ඔබ අපේ රටේ නායකය විදියට ලජ්ජා වෙන්ඩ.

:       5       44

Bunny Preena Wednesday, 01 June 2022 08:52 AM

ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයිලු...! 

:       0       6

Kumar Wednesday, 01 June 2022 08:59 AM

ඔබගේ අවංකකමට සහ අවංකභාවයට අපි ගරු කරමු.

:       6       0

sharm warn Wednesday, 01 June 2022 09:33 AM

ඔහේවයි, ඔහේගෙ සනුහරේ අනිත් අයවයි අයින් කර ගන්න නම් අපිට කිසිම අමාරුවක් නැතිව කරගන්න පුළුවන්.

:       0       7

Chanda koma Wednesday, 01 June 2022 10:02 AM

ගෝටා දැන්වත් අනේ යන්න ගෙදර. නිකන් බයිල ගහල කාලය කා දාන්නෙ නැතිව. අපිට දැන් ඔයාව තිත්තයි. මූණ දැක්කම අප්පිරියයි. බොරු බේගල් , රැවටිළි, කයිරාටික කම් දැකල අහල දැන් ඇති . කරුණාකරල යන්ඩ ගෙදර . ගෙදර ගිහින් පවුලෙ අයත් එක්ක සතුටින් ඉන්න. රට විනාශ කරන්නෙ නැතිව.

:       1       11

de silva Wednesday, 01 June 2022 03:22 PM

එක්තරා රටක ගොබ්බසේන කියලා රජතුමෙක් හිටියා. ඔහුගේ උපදේශකයෝ වෙලා හිටියේ ලෝක හොරුන්... ගන්න තරමක් ගත්තේ ගොබ්බ තීරණ. කන්න බොන්න නැති වුණාම රටවැසියන් ඇවිත් මාලිගාව වටකරගත්තා.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 527 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2255 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site