IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මහින්දානන්ද - ගුණතිලක වලිය ගැන සොයන්න පොලිසිය ජනපති කාර්යාලයට

සුජිත් හේවාජුලිගේ
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන් අතර බහින් බස්වීමකින් පසුව ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ රාජපක්ෂ මහතාගෙන්  කොටුව පොලිසියේ නිලධාරී කණ්ඩායමක් පැයකට වැඩි කාලයක් ප්‍රශ්න කර අද ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
ඉන් පසු එම පොලිස් කණ්ඩායම ගැටුම සිදුවූ ජනාධිපති කාර්යාලයට ගොස් එහි නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තාවේ.
තමා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගිවී එළියට පැමිණෙමින් සිටියදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමාට අතින් පයින් පහර දුන් බව ගුණතිලක රාජපක්ෂ මහතා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
ප්‍රතිපාදන සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමකින් අනතුරුව ඔහු තමාට මෙසේ පහර දුන් බව ද රාජපක්ෂ මහතාගේ කට උත්තරයේ සඳහන් වේ.
පාදයේ පැය හතරක ශල්‍යකර්මයෙන් පසු දැඩි සත්කාරයකට ඇතුළත් කරනු ලැබ සිටි ගුණතිලක රාජපක්ෂ මහතා නාරා‍හේන්පිට යුද හමුදා රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට පෙරේදා (5) ඇතුළත්  කරනු ලැබීය.
මේ අතර ගුණතිලක රාජපක්ෂ මහතා සිය ආබාධය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කළ බව ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ මහතා  ලංකාදීපයට පැවැසීය.
ගැටුම සම්බන්ධයෙන්  කට උත්තර සියල්ල සටහන් කර ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවැසේ.
අනතුරුව අධිකරණ ලබාදෙන නියෝග  අනුව පොලිසිය අවශ්‍ය ඉදිරි ක්‍රියා මාර්ග ගනු ඇත.

 



අදහස් (9)

මහින්දානන්ද - ගුණතිලක වලිය ගැන සොයන්න පොලිසිය ජනපති කාර්යාලයට

Arrest the bugger Thursday, 06 June 2024 07:27 AM

රටේ නීතිය ක්‍රියාත්මක කිරීම දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට පැහැදිලි උදාහරණයක්.

:       0       23

Gajamithuro Thursday, 06 June 2024 07:34 AM

කොයි නන්දලත් කොයි රාජපක්ෂලත් වෙනසක් නැහැ එක වල්ලේ පොල් වගේම තමයි එක් අතකින් උන් දෙන්නම පොහොට්ටුවෙ එවුන්නේ ගණන්ගන්න දෙයක් නැහැ

:       0       21

Ruwan De Silva Thursday, 06 June 2024 08:35 AM

අර පොඩි ළමයාට ගහපු එකාව පැය 24න් ඇල්ලුවා මහින්දානන්ද ඇල්ලුවේ නැත්තේ ඇයි? නීතිය පොඩි මනුස්සයාට විතරද දඩුවම් කරන්නේ?

:       2       25

dasun Thursday, 06 June 2024 08:55 AM

අත්අඩංගුවට අරන් රිමාන්ඩ් කරන්න

:       1       24

පිටිගල මිලානෝ Thursday, 06 June 2024 09:48 AM

දැන් කියයි මට ගැහුවේ නෑ. කකුල ලිස්සලා වැටුනේ කියලා. නැත්නම් මයිනගෙන් මේ මිනිහට විසුමක් වෙන්නේ නෑ.

:       1       7

බණ්ඩා Thursday, 06 June 2024 10:19 AM

මෙය සිදුව ඇත්තේ කාටද​, කොහේද​, මල්ලේ පොල්ද වගේ කතා වැඩක් නෑ. දණ්ඩ නීති සංග්‍රහයේ ඇති ප්‍රතිපාදන සහ ව්‍යවස්තාව මගින් සහතික කොට ඇති ඕනෑම කෙනෙකුට හිරිහැර​, ශාරීරික වධ හිංසා වලින් තොරව ජීවත් වීමේ අයිතිය උල්ලංඝණය කිරීම බරපතල වරදකි.තුවාල සිදුකර මරණ තර්ජනය කිරීමද අපරාධමය වරදක් වන විට, මහින් දානන් ද වැනි මැර අපතයෙක් නිදහසේ සමාජයේ තවම සැරිසරන්නේ කාගේ හයියෙන් ද​? ඒ නරුමයාව වහාම අත් අඩංගුවට ගෙන, සමාජයේ සෙසු අයගේ ආරක්‍ෂාව තහවුරු කල යුතුය​.

:       0       6

de silva Thursday, 06 June 2024 12:43 PM

දැන් සති 3 කට කලින් ඇමැති කෙනෙක් ගුවන්තොටුපලට අනවසරයෙන් ආයුධ සන්නන්ධව ඇතුළු වුන , සේවකයකුට පහර දුන්න , ගිය සතියේ තොන්ඩමන් ආයුධ සන්නන්ධව කර්මන්තශාලවකට ඇතුල්වෙලා , පාලකයන්ට හිරිහැර කරලා එහි කටයුතු අඩාල කරා , එම සිද්ධියෙන් කෙනෙක් තවම ඉස්පිරිතාලේ , මේ සතියේ මහින්දානන්ද තව මන්ත්‍රී කෙනකුගේ කකුල කැඩෙන්න ගහල ඔහු අයිසීයු එකේ , මේ මොකකටවත් තවම කවුරුවත් රිමාන්ඩ් කරලා , නිතිය ක්‍රියාත්මක කරලා නැහැ නඩුපවරිමක් නැහැ , මෙහෙම ගියොත් සමහරවිට ඇමැතිලා ලබන සතිය වනවිට රාජකාරි ගිනි අවි වලින් මිනිස්සු මරන්න පටන්ගනිවී , සමහර විට ප්‍රසිධියේ එකිනෙක සමග වෙඩි තියන්න ගන්න පටන්ගනිවී , ඇමති මණ්ඩලේ සාමාජිකයන්ගේ විනයවත් හදාගන්න බැරි ජනාධිපති සහ අගමැති ෆේල් , මේ ගොල්ල කොහොමද රටවල් දියුණු කරන්නේ

:       0       9

R.T.sarath Thursday, 06 June 2024 12:47 PM

බාලවයස්කරයන් අපයෝජනය මම තරයේ හෙලා දකිනවා. නමුත් මමත් රුවන් ද සිල්වා මහතාගේ අදහස සමග එකඟ වෙනවා , නීතිය බොහෝ විට උපරිමයෙන් ක්‍රියාත්මක වෙන්නේ පොඩි මිනිහට .ලොකු මිනිහ තමන්ට ඕනේ විදිහට පිස්සු නටනවා ,

:       0       6

fairoos Thursday, 06 June 2024 02:01 PM

සීසීටිවී දර්ශන නැද්ද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site