IMG-LOGO

මුහුද මැද අතරමංවූ රුවල් නැව හම්බන්තොටට

(යොහාන් භාසුර)

හම්බන්තොට ප්‍රදේශයට ඔබ්බෙන්වූ දකුණු මුහුදු ප්‍රදේශයේදී ආපදාවට පත්වූ විදේශීය රුවල් යාත්‍රාවක් සහ විදේශීකයන් දෙදෙනකු නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව පැවසීය.

ත්‍රිකුණාමලය වරායෙන් පසුගිය 19 වැනිදා මාලදිවයින වෙත ගමන් ආරම්භ කළ එම රුවල් යාත්‍රාව කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්ව ඇති බවත් කොළඹ නාවික හමුදා මූලස්ථානයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට කළ දැනුම්දීමක් අනුව එම යාත්‍රාව ගොඩබිම වෙත රැගෙන ඒමට පියවර ගත් බවත් නාවික හමුදාව පවසයි.

නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අයත් පී 422 වේග ප්‍රහාරක යාත්‍රාව හම්බන්තොට වරායෙන් පිටත් කළ බවත් ආපාදවට පත්වූ රුවල් යාත්‍රාව සහ එහි සිටි පිලිපීන සහ ඕස්ටේ්‍රලියානු ජාතිකයන් දෙදෙනා නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බවත් නාවික හමුදාව කීය.

රුවල් යාත්‍රාව අළුත්වැඩියා කටයුතු සඳහා එම රුවල් යාත්‍රාවේ දේශීය නියෝජිත ආයතනයට භාරදුන් බව ද නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (3)

මුහුද මැද අතරමංවූ රුවල් නැව හම්බන්තොටට

පිටිගල මිලානෝ Thursday, 24 March 2022 11:17 AM

කරපු සේවාවට බිලක් කඩනවා යැයි මම සිතමි...

:       0       0

kamal Thursday, 24 March 2022 03:49 PM

හොඳ වෙලාවට රුවල් නැවක් වුණේ. ඩීසල් බෝට්ටුවක් වුණා නම් විනාසයි.

:       0       0

DMS Thursday, 24 March 2022 04:03 PM

රුවල් නැවක් නම් කොහොමද කාර්මික දෝෂයක් වෙන්නේ?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 539 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 708 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 292 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site