IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මිහිදන් කර මොහොතකින් දැරියගේ සිරුර උස්සලා

(  සිතුම් චතුරංග සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දින කිහිපයකට ඉහතදී දියේ ගිලී මියගොස් වවුනියාව නෙලුක්කුලම , රාසෙන්ද්‍රකුලම් සුසාන භූමියේ මිහිදන් කර තිබූ අවුරුදු දෙකක දැරියකගේ සිරුර එම ස්ථානයෙන් අතුරුදහන් වී ඇති බවට පොලිසියට ලැබුණ පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කළ බව නෙලුක්කුලම පොලිසිය කියයි.

මෙම දැරිය පසුගිය 25 වැනිදා ජලටැංකියකට වැටී මියගොස් සිටි අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර රාසේන්ද්‍රකුලම් සුසාන භූමියේ මිහිදන්  කර තිබියදී  මෙසේ අතුරුදහන්ව ඇති බවට දැරියගේ පියා සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බවත් පොලිසිය පැවසීය.

මෘතශරීරය අතුරුදහන්ව ඇත්තේ වවුනියාව , පම්පමඩුව ලිපිනයේ පදිංචි  ලිංගරාජ් දීපිකා නැමති වයස අවුරුදු දෙකක කුඩා දැරියකගේය.

පොලිසිය අදාල ස්ථානය පරීක්ෂා කිරීමේදී උදැල්ලකින් සිරුර මිහිදන් කරතිබූ ස්ථානය හාරා මෘතශරීරය පමණක් රැගෙන ඇති අතර මිනීපෙට්ටිය පමණක් එහි තිබූ බවත් පොලිසිය පැවසීය.   වවුනියාව නෙලුක්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

           

 



අදහස් (5)

මිහිදන් කර මොහොතකින් දැරියගේ සිරුර උස්සලා

ලුම්බිණි Friday, 08 September 2023 10:18 AM

අද කාලේ හොරුන්ගෙන් මිණියක් වත් බේරා ගන්න බැහැ .

:       1       26

Ahmed (Gulf) Friday, 08 September 2023 02:03 PM

සිරුර ඉහළ පෙළේ හූනියමක් කරන්න අරන් ගියාද දන්නේ නැහැ.

:       2       10

Bunny Preena Friday, 08 September 2023 02:15 PM

විකෘති මානසික රෝගියෙකුගේ වැඩක් වත්ද?

:       1       6

Rasamanikkam Friday, 08 September 2023 04:35 PM

ප්‍රභල දේශපාලකයකුගෙ හුනියම් වැඩකට ගෙනියන්න ඇති.

:       1       4

samare Saturday, 09 September 2023 09:56 AM

අලුත මියගිය දරුවන්ගේ සිරුරු පිල්ලි යනුවෙන් හඳුන්වන භයානක ඝනයේ මන්ත්‍ර කටයුතු සඳහා ගන්නවා කියලා කියවලා තියෙනවා. ඒවායේ ඇත්ත නැත්ත දන්නේ නම් නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site