
(නිමන්ති රණසිංහ)
මුහුණු පොතේ දැන්වීමක් නිර්මාණය කර එහි ‘හඳහන් බලන බවට’ සඳහන් කරමින් කාන්තාවන් රවටා රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ලබාගත් බව කියන ජෝතිර්වේදියකු ලබන 08 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා බන්ධනාගාර අධිකාරියට අද (03) නියෝග කළේය.
මෙම සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින මුදල් වංචාවක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැවින් ඔහු මේ නඩුව සදහා ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග නිකුත් වූයේ මේ වන විට මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ රදවා සිටින සැකකරුවකු වන හම්බන්තොට පදිංචි ශෂී ඩ්‍රාවින් නැමැත්තෙකි.
හඳහන් බලන බවට දැන්වීමක් නිර්මාණය කර මුහුණු පොතේ පලකර ඇති මෙම සැකකරු එම දැන්වීමට කතා කරන කාන්තාවන් රවටා ඔවුන්ගේ පින්තූර ගෙන්වාගෙන ඇති බවත්, පසුව එම පින්තූර භාවිත කර ‘ගණීකාවන් ලබාගැනීමේ පහසුකම් ඇත’ යනුවෙන් තවත් දැන්වීමක් නිර්මාණය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුණු පොතේ දැන්වීම් දමා කතුන් රවටා රිමාන්ඩ් වේ