
(යොහාන් භාසුර)
මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපතිනිය ලෙස පත්වූවාය.
ඇයගේ වසර දෙකක ධූර කාලය 2027 වර්ෂයේ ආරම්භ කිරීමට නියමිතය.
බෝවන රෝග ක්ෂේත්‍රයට සපයා ඇති දායකත්වය සැලකිල්ලට ගනිමින් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය එම ධුරය සඳහා ජාත්‍යන්තර බෝවන රෝග සංගමය ඇය සභාපති ධූරයට තෝරාගෙන තිබේ.
මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණය හා අනුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරියක් ලෙස කටයුතු කරන්නීය.
ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක් වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිධාරිනියකි.
ඩෙංගු රෝගය සහ කොවිඩ් - 19 වෛරසය, සාර්ස් වෛරසය වැනි වෛරස් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇය කළ පර්යේෂණ සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති අතර ලොව බලපෑම් සහගත පර්යේෂණ අගය කරමින් එල්. සේවියර් ස්ටෑන්ෆර්ඩ් ශ්‍රේණිගත කිරීම්වලට අනුව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ලොව ඉහළම විද්‍යාඥයින්ගේ ලැයිස්තුවට ද ඇතුළත්ව සිටින්නීය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මහාචාර්ය නීලිකාට ජාත්‍යන්තර තනතුරක්
නිමල් Thursday, 06 February 2025 04:08 PM
සුබ පැතුම්