IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


මෙහෙකාරිය ස්වාමියාගේ බැංකු කාඩ් පතෙන් ලක්ෂ 50ක් ඇදලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අසනීපව රෝහල් ගතවූ විශ්‍රාමික බැංකු නිලධාරියාගේ ඒ ටි එම් කාඩ්පතින් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වරින් වර හොර රහසේ ලබාගත්   මෙහෙකාරිය ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වූවන් අතර මෙහෙකාරියගේ දියණිය සහ බෑණා ද වන බව පොලිසිය කියයි.

තමන් අසනීපව රෝහල්ගතව සිටින අවස්ථාවේදී  ඇති වූ මුදල් අවශ්‍යතාවයට වසර 11ක කාලයක් තම නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කළ කාන්තාවට තමන්ගේ ඒ.ටි.එම් කාඩ් පත සහ එහි  රහස් අංකය ලබා දි තම අසනීපයට අවශ්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා මුදල් වියදම් කරන ලෙස  දැනුම් දුන් බවත් එම මෙහෙකාරිය විසින් තමන්ට හොර රහසේ  රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වරින්වර ලබාගෙන ඇති බව සුව වී නිවසට පැමිණි පසු  තමන්ට දැනගන්නට ලැබුණු බව විශ්‍රාමික බැංකු නිලධාරියෙකු පැමිණිල්ලක් කළ බව පොලිසිය කියයි

තමන්ගේ බැංකු පොතේ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් තිබුණු බවත් දරු දෙදෙනාට රුපියල් ලක්ෂ 50 බැගින් ලබාදී ඉතිරි මුදල් බැංකු ගත කර තිබූ බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිස් නිලධාරියකු පැවැසීය.

අදාල පැමිණිල්ල අනුව විමර්ශන පැවැත්වීමේ දී සැකකාරිය මාස හයක 6 ක පමණ කාලයක සිට බැංකු නිලධාරියාගේ ඒ ටි එම් කාඩ්පතින් මුදල් ලබාගන්නා අයුරු  සීසීටීවී කැමරාවක සටහන්ව ඇතැයි පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් මෙහෙකාරිය ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම ඒටීඑම් කාඩ් පත තම දියණිය  සහ බෑනා අතට ද පත් කළ බවත් ඔවුන් විසින් රන් ආභරණ මිලදී ගැනීම මෙන්ම නිවසක් කුලියට ගැනීමට එමගින් ලබාගත් මුදල් යෙදවූ බවත්  තම මවගේ නිවස  අලුත් අලුත්වැඩියා කිරීමට එකී මුදල් යොදා ගත් තවත් ඊට අමතරව විනෝද සවාරි  යාමට මෙන්ම ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට ද  මුදල් යෙදවු බවත් ප්‍රකාශ කල බව සැකකාරියන් සහ සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා සහ සැකකරු මොරටුව එගොඩ උයන මෝදර පදිංචිකරුවන් ය.

 



අදහස් (4)

මෙහෙකාරිය ස්වාමියාගේ බැංකු කාඩ් පතෙන් ලක්ෂ 50ක් ඇදලා

PRASANNA Monday, 20 March 2023 02:38 PM

මොලේ ඇලේ දාන්න ඕනෑ...

:       0       5

පොඩිඑකා Monday, 20 March 2023 03:29 PM

ගෙදර වැඩකාරියට ඒ ටී එම් එකේ රහස් අංකය සහ විස්තර ලැබුනේ ඇයි කියන එක තමයි ප්‍රහේලිකාව ..

:       0       4

ගමේ එකාලාMonday, 20 March 2023 07:06 PM

මෙහෙකාරිය අවුරුදු 11ක් ස්වාමියාගේ හිත දිනාගෙන ඉන්න ඇති...

:       0       3

de silva Monday, 20 March 2023 03:35 PM

විශ්‍රාමික බැංකු නිලධාරියෙක්...?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 828 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1255 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site