ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
සිලාවතුර ව්‍යාධිකුලම් වැව් රක්ෂිතයේ සතුන් දඩයම් කර මස් රැගෙන යතුරු පැදිවලින් ගමන් ගන්නා කණ්ඩායමක් අත්අඩංගුවට ගිය වනජීවී නිලධාරීන් යතුරු පැදිවලින් යට කර වෙඩි තබා පලා යෑමට උත්සාහ කළ වනජීවි නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් දඩයම්කරුවන් දෙදෙනකු තුවාල ලබා මන්නාරම රෝහලට ඇතුළත් කළ බව මන්නාරම මූලස්ථාන පොලිසිය පවසයි.
පළා යමින් සිටි මෙම කණ්ඩායමේ සිටි තවත් පුද්ගලයන් දෙදෙනකු වියලි ගෝන මස් සහ වියළි වල් ඌරු මස්කිලෝ 25 ක පමණ තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැව් රක්ෂිතයේ සතුන් දඩයම් කර මස්රැගෙන යතුරුපැදිවලින් කණ්ඩායමක් ගමන් කරන බවට මුල්ලිකුලම් වනජීවී නිලධාරී කාර්යාලයට තොරතුරක් ලැබී ඇත.
මෙම තොරතුරු අනුව එම කාර්යාලයේ වනජීවී නිලධාරීන් සිව් දෙනෙකු මරිචිකට්ට පාලක්කාලි ප්‍රදේශයේ වැටලීමක් සිදුකර ඇත.
දඩයම් කරුවන් ලෙස සැලකෙන පුද්ගලයෙන් වනජීවී නිලධාරීන් යතුරුපැදි වලින් යට කිරීමට උත්සාහ කර පසුව වෙඩි තබාපලායෑමට උත්සාහ කළ බව කියන අවස්ථාවේ වනජීවී නිලධාරියෙකු රිපීටර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි,
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙදෙනකු හොරරහසේ මන්නාරම රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ප්‍රතිකාර ලබමින් සිටින බවට රෝහල් පොලිසියේ නිලධාරීන්ට දැනගැනීමට ලැබී ඒ ගැන හොයා බලා මන්නාරම මූලස්ථාන පොලිසියට සහ වනජීවී නිලධාරීන්ට දැනුම් දීමක් කර තිබේ.
මන්නාරම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මස් වැද්දෝ වනජීවියට වෙඩි තබති