IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාස තුනට සංචාරකයෝ 850000ක් එති

(අංජුල මහික වීරරත්න)

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා තෙක් ගුවන් මගීන්  850,000ක් ගුවන්තොටුපළ සේවා ලබාගෙන ඇතැයි  ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ රට තුළ ගොඩනැඟී ඇති සාමකාමී පරිසරය හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළ ගොස් ඇතැයි ද ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් මගීන් වැඩි වශයෙන් භාවිතා කරන ස්ථානයක් වී තිබෙන්නේ යැයිද ගල්කැටිය මහතා කීය.

මේ වසර අවසානය වන විට ගුවන් මගීන් කෝටියක්  ගුවන්තොටුපළ භාවිත කරනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.

2022 වසරේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කළ සමස්ත මගින් ප්‍රමාණය ලක්ෂ 50ක්  බවත් 2023 වසරේදී එම ප්‍රමාණය ලක්ෂ 80ක්  දක්වා වැඩි කර ගැනීමට හැකි වූ බවත් ගල්කැටිය මහතා පෙන්වා දුන්නේය.



අදහස් (7)

මාස තුනට සංචාරකයෝ 850000ක් එති

dammika Wednesday, 20 March 2024 12:35 PM

මාස තුනට සංචාරකයෝ 850000ක් එති... සහ මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා තෙක් ගුවන් මගීන් 850,000ක් ගුවන්තොටුපළ සේවා ලබාගෙන ඇත.

:       1       2

Kapila Wednesday, 20 March 2024 12:49 PM

පැමිණෙන ගාණ වැඩිකරගත්තාට වැඩක් තියනවාද, ගුවන් තොටුපොළේ පරිපාලනය විදිමත් කරගන්නේ නැතිව. අනික ලංකාවට කොපමණ සංචාරකයෝ ආවත් වැඩක් තියනවාද? ඔවුන්ට රට ඇතුලේ පහසුකම් වැඩිදියුණු කරන්නේ නැතිව. බොහෝ තැන්වල තියෙන්නේ සංචාරකයින් ගසාකෑම නිසා එවැනි අය දෙවැනි වතාවට ලංකාවට එන්නේ නෑ. මේ තත්වය තියෙන්නේ 30% විතර, නමුත් ඔවුන් දමන රිවීව්ස් නිසා සංචාරකයන්ගේ අඩුවීමක් වෙන්න පුළුවන්. මේ ගැන රජයෙන් කිසිම පියවරක් ගන්නා බවක් පේන්න නෑ...

:       2       7

රංබොඩ Wednesday, 20 March 2024 01:12 PM

ගුවන්තොටුපළ තුළ පිළිවෙලක් නෑ. තියෙන සම්පත් වලින් ප්‍රයෝජන අරගෙන මිනිසුන් එතැන ගොඩගැහිලා ඉන්න එක වළක්වන්න පුළුවන්. කට්ටිය සාරි ඇඳගෙන ටයිකෝට් දාගෙන එහෙට මෙහෙට වැනෙනවා විතරයි. ආකල්පමය වශයෙන් වෙනස්වෙලා මීට වඩා සුහදව වැඩ කරන්නේ නම් වඩා හොඳයි...

:       0       7

ranjith Wednesday, 20 March 2024 01:35 PM

විශේෂයෙන්ම, හැම නගරයකම ඉන්න තටු නැති කාක්කන් වෙනුවෙන් වෙනම නිතියක් හදන්න ඕනේ. මිනිස්සුන්ට සල්ලි ඕනෑ තමයි. ඒත් රටේ නමට හානියක් කරන දේවල් බොහෝමයි. ඒවා ගොඩක් ඔය වීඩියෝ බලනකොට පේනවා.

:       0       11

Lalla Wednesday, 20 March 2024 07:40 PM

රටේ කොහේවත් පොදු පහසුකම් දියුණු කර නෑ. සාමාන්‍ය ජනතාවට පාවිච්චියට ගන්න තත්ත්වයේ පවතින පොදු වැසීකිලියක් කොළඹ නගරයේත් නෑ. කිසිම සංචාරකයෙක් දෙවන වතාවට මෙහි එන්න කැමැත්ත නෑ... වගේම ඔවුන් සමාජ මාධ්‍යවලට දමන තොරතුරු බහුතරයක් ඍනාත්මක. මේ තත්ත්වය වෙනස්විය යුතුයි.

:       0       3

Bamunuarachchi Wednesday, 20 March 2024 07:43 PM

මේ ව්‍යාපාර රැකගන්න කළහැකි සියළුම දේ කරන්න.

:       0       2

janahithaFriday, 22 March 2024 08:29 AM

හම් අපි ඒක කරනවා මාස 6 කින්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site