IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


මසට එළුවන් රැගෙන ගිය අයෙක් මාට්ටු

(  සිතුම් චතුරංග)

මසුන් ප්‍රවාහනය කරන ලොරියකින්  මස් පිණිස යාපනය සිට ගල්කිස්සට එළුවන් 54 දෙනකු රැගෙනයමින් සිටි පුද්ගලයකු අද (12) අලුයම වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.

නීති විරෝධී අයුරින් එළුවන් ප්‍රවාහනය කරන ලොරි රථයක් සම්බන්ධයෙන් වවුනියාව මූලස්ථාන පොලිසිය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී හිංසාකාරි අයුරින් එළුවන් ප්‍රවාහනය කළ ලොරි රථය සමඟ සැකකරු අත්අඩංගුවටගත් බව පැවසීය.

පොලිසිය පැවසූයේ යාපනය ප්‍රදේශයෙන් සොරාගන්නා බවට සැකකළ හැකි එළුවන් එලෙස බලපත්‍ර නොමැතිව රහසිගතව රැගෙනයාම සිදුකොට ඇති බවයි.

සැකකරු ප්‍රධාන මාර්ගවල පවතින පොලිස් මාර්ග බාධක මඟහරිමින් යාපනය සිට කොළඹට දීර්ඝ කාලයක සිට මස් පිණිස සතුන් ප්‍රවාහනය කොට ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවටගත් එළුවන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ හයකට අධික බවත් අත්අඩංගුවටගත් සැකකරු ප්‍රවාහනය පමණක් සිදුකරන අයකු බවට අනාවරණයවූ බවත් කීය.

අත්අඩංගුවටගත් සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයකු වන අතර වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (4)

මසට එළුවන් රැගෙන ගිය අයෙක් මාට්ටු

sam Friday, 12 May 2023 01:16 PM

ලොරිය රාජසන්තක කරලා ඔය කාලකණ්ණියා අවුරුදු 10කටවත් හිරේ දාන්න..

:       3       11

prasanna Friday, 12 May 2023 03:49 PM

මම දන්නා විදිහට එළුවන් ඇතිකරන්නේ මසට, නැතිව ලීබඩු හදන්න නෙවෙයි.

:       1       1

සෙනෙවිරත්න Friday, 12 May 2023 07:55 PM

හොර බඩු නොවේ නම් මෙතන වරද කුමක්ද? එලුවො හදන්නෙ මස් කන්න තමයි.

:       0       0

Bamunuarachchi Monday, 15 May 2023 03:41 PM

එළුවෝ හදන්නේ සුරතලේට නොවෙයි මසට. එළුවා හරකා මරාගෙන කන්න පුරුදු කලේ මේ රටට ආපු හම්බයෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 332 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 854 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1276 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site